SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 2024 ජනාධිපතිවරණය සඳහා

තම ඡන්දය භාවිත කිරීම අද (21) උදෑසන බත්තරමුල්ල, ජයන්තිපුර, බෞද්ධ මන්දිරයේ දී සිදු කරන ලදි.

 

 

ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක;

 

 

"අද ඇත්ත වශයෙන්ම ලංකා දේශපාලනයේ ඉතාමත්ම වැදගත් දවසක්. මොකද රට බංකොලොත් භාවයට පත් වෙලා ලක්ෂ 220ක් ජනතාව ඉතාම පීඩාවට පත් වෙලා තිබිච්ච අවස්ථාවක් හා ජනතාව සෘජුව පාරට බැහැලා හිටපු ආණ්ඩුව ජනාධිපතිවරයා පලවා හැරලා තියෙන තත්වයක් තුළ පවත්වන ප්‍රථම නිදහස් මැතිවරණය.

 

මේ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය. මොකද එතුමා ජයග්‍රහණය නොකළහොත් අනිවාර්යයෙන්ම අප රටේ නැවත වතාවක් අරගල ඇතිවීමත් නැවත වතාවක් මේ වගේ ඡන්ද ඉදිරි දශකයේ දී කීපයක් පැවැත්වීමත් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව හා රටේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජනතා ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවලා අන්තවාදය පරාජය කරලා ආගමික නිදහස, ජාතික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමයි."

 

WhatsApp Image 2024 09 21 at 14.21.251

 

මේ අතර අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන අංශයේ සභාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන රත්නපුර ලෙල්ලෝපිටිය රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කර ඇත.

 

කරු පරණවිතාන මන්ත්‍රීවරයා කියා සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා උද්යෝගයෙන් සිදුවන බවය.

 

ඡන්දය කරු

 

 

නවතම ලිපි