SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාද්

ඊයේ (20) දිවයිනෙන් බැහැරවීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණද ගුවන් තොටුපොළ විසින් ඔහුව හරවා යවා ඇති බව වාර්තා වේ.

 

 

ඊයේ රාත්‍රී 08.22ට කටුනායක ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ Emirates ගුවන් සේවයට අයත් EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට ඔහු සූදානමින් සිට ඇත.

 

 

වාර්තා වන අන්දමට ඔහු උත්සහ කර ඇත්තේ එම ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව  යාමටයි.

 

2022 මැයි 09 වෙනිදා ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ඔහු වන අතර ඒ හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ගල්කිස්ස අධිකරණය විසින් නියෝගයක් ද පනවා ඇති පසුබිමක ඔහු රටින් පිටවීමට උත්සහ දරා තිබුණි.

 

එහෙත් එම අධිකරණ නියෝගය අනුව ඩෑන් ප්‍රියසාද් ට රටින් පිටවීමට ගුවන්තොටුපල බලධාරීන් ඉඩ දී නැති බව වාර්තා වේ.