SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වේ.

ඒ අනුව අද පෙරවරු 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

 

 

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී අද සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.

 

 

ඡන්ද පොළ වෙත යන විට තම අනන්‍යතාව සහතික කළ හැකි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙන වලංගු අනන්‍යතා ලේඛන 09න් එකක්  රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 

 

මෑත ඉතිහාසයේ අන්කවරදාකටත් වඩා උණුසුම්කාරී මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය හැඳින්වේ.

ඒ මෙතෙක් බලයේ සිටි දේශපාලනඥයින් විසින් රට ආර්ථික අගාධයකට ගෙන යෑම නිසා ඉන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රතිචාරයන් මෙවර මැතිවරණයට එක්වීම නිසාය.

 

 

කෙසේ වුවද විවාදාත්මක වුවද  ප්‍රචණ්ඩකාරී නොවූ මෙවර මැතිවරණය වඩා හොඳින් භුක්ති විඳීමට නම් තම ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද මධ්‍යස්ථානයට වේලාසනම ගොස්  ඡන්දය පාවිච්චි කිරීම සුදුසු ය.