SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ රාජකාරි කළමනාකාරවරයා පවසයි.

 

 

ඔහු අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ (EK-649) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහු මෙම යානයට ප්‍රවේශය සඳහා ඇමෙරිකානු ඩොලර් 206ක් ගෙවා BIA හි 'ගෝල්ඩ් රූට්' පර්යන්තයෙන් එම පහසුකම ලබාගෙන ඇති බව ද වාර්තා වේ.


              
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත්, ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සෑම විටම මෙම ගුවන් මාර්ගය භාවිත කරන බවත් ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සෑම අවස්ථාවකදීම අදාළ මැතිවරණ සංවිධාන වැඩ ඉටුකිරීමෙන් පසු සිය නිවෙස බලා අමෙරිකාව බලා පිටත්ව යෑම සෑම අවස්ථාවක දීම සිදුකරන ලද්දකි.