SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට

විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත විය.

 

 

ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.

 

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට ද  අවස්ථාව හිමිවුණි. 

 

 

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇතැයි වාර්තා වේ.

 

පැමිණ සිටි දෙමාපියන් පවසන්නේ  විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

 

මීට සමගාමීව අද ප්‍රදේශ කිහිපයකින් විරෝධතා වාර්තා වුණි.

 

 

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියහ.

 

කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි.

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේය.

 

මේ අතර මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවැරදි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

 

කෑගල්ල ප්‍රදේශයේ ජන රැලියට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

 

"රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එයාට පුළුවන්ළු. දැන් පුළුවන් පුද්ගලයාට බැහැ තමන්ගේ යටතේ තියෙන ආණ්ඩුවේ 05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නේ නැතුව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ, ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක්. මම ඔබට කියන්න කැමැතියි මේ ලීක් වෙන... මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්නපත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයා බලනවා. ඒ දේ කරපු අයට ගන්න පුළුවන් බරපතළම තීන්දුව අපි ගන්නවා. මම කියන්න කැමතියි ජනාධිපතිවරයාට ඔබ  කරන හැමදේම ලීක් වෙනවා. ලීකේජ් එක නතර කරගන්න. ඒ ශිෂ්‍යත්වයට මුහුණදුන් මේ දූ දරුවන්ට සිදුවුණ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවා."

 

 

නවතම ලිපි