SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන්හි කුමන මතයක් ජනප්‍රිය කළද මහ පොළොවේ යථාර්ථය වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ විජයග්‍රහණය බව

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

 

 

කොලොන්නාව ආසනයේ අද දවස පුරා පැවති ජනහමු මාලාව අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු  මේ බව කියා සිටියේය.

 

සජිත් ප්‍රේමදාස මහතාත්, සමගි ජන බලවේගයත් මෙරට ග්‍රාමීය, නාගරික, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතීන්ගේ කැමැත්ත හා විශ්වාසය මත මෙරට අනාගත පාලන බලය හිමි කරගන්නා බව මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ දැඩි විශ්වාසයෙනි.

 

- මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගෙන් පසු තනි නායකයෙකු වටා සියලු ජන කොටස් එකතු වන පළමු අවස්ථාවයි මේ.

- ශ්‍රී ලංකාවේ නායකයා විය යුත්තේ නිරාගමිකයෙකු නොවේ... සිංහල බෞද්ධයෙක්...!

- ෆේස්බුක් හා යූටියුබ් වල කුමක් ට්‍රෙන්ඩින් වුවත් මහ පොළොවේ ජය සජිත්ට.

 

මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගෙන් පසු මෙරට සියලු ජන කොටස් තනි නායකයෙකු වටා රොක් වී විශ්වාසය තබන ඓතිහාසික අවස්ථාව මෙය බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ. ඒ වෙනුවෙන් උතුරේ හා මධ්‍යම කඳුකරයේ දෙමළ ජනතාව, නැගෙනහිර මුස්ලිම් ජනතාව, දකුණේ සිංහල ජනතාව හා රට වට කතෝලික ජනතාව ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ විජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු පල කරමින් සිටිති. මරික්කාර් මන්ත්‍රීවරයා ඒ මොහොතේ රැඳී සිටි මුල්ලේරියාව ප්‍රදේශය පවා 2019 වසරේ පරාජයට පත් වූ නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් සේම, ශ්‍රී ලංකාවේ එවන් සියලු ප්‍රදේශ වලින් ප්‍රකට කෙරෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ විජයග්‍රහණයේ පෙරනිමිති ය. 

 

මෙරට නායක‍යා විය යුත්තේ නිරාගමිකයෙකු නොවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මෙහිදී කියා සිටියේය. ඔහු  අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ නායකයා ලෙස පත් විය යුත්තේ සෑම ආගමකටම එක හා සමානව සළකන සිංහල බෞද්ධ නායකයෙකු බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව බෞද්ධ උරුමය සුරකින, ප්‍රවර්ධනය කරන නායකයෙකු පත් කර ගැනීම මෙරට පුරවැසි වගකීම බවත්, ඒ සියලු සුදුසුකම් සහිත පුද්ගලයා සජිත් ප්‍රේමදාස පමණක් බවත් මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

@පබසර රෝහණ

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි