SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ආශිර්වාද පළ කිරීමට අද (16) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කිරීමට නියමිත අතර

පෙරවරුවේ ඒ පිළිබඳව විශේෂ අනුශාසනාවක් සිදු කරමින් අද උතුරේ කණ්ඩායමේ කොන්දේසිය වී ඇත්තේ “බෞද්ධාගමට මුල්තැන දීම පිළිගත නොහැකිය” යන්න බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි පැවසුවේ ය.

  • ජයග්‍රහණය උදෙසා ඕනෑම දෙයක් සිදු කරන පිරිසගෙන් රටත්, සම්බුදු සසුනත් රැක ගත යුතුයි
  • අනුර සමඟත් සම්බුදු සසුන විනාශ කරන බලවේග එක්ව සිටිනවා
  • බෞද්ධ කොඩිය වෙනස් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි තැන අහිමි කිරීමේ බලවේගයක් ක්‍රියාත්මකයි
  • සම්බුදු සසුන ආරක්ෂා කිරීමේ වගවීම ඉටු කිරීමට මහා සංඝරත්නය පෙරට ආ යුතුයි
  • හිටපු ජනපති මහින්දටත් සැබෑ දේශප්‍රේමි බව පෙන්වීමට අවස්ථාවක් තිබෙනවා

WhatsApp Image 2024 09 17 at 08.49.36

 

සජිත් ප්‍රේමදාසට සහාය ලබාදෙන බව පවසන උතුරේ කණ්ඩායමේ කොන්දේසිය වී ඇත්තේ “බෞද්ධාගමට මුල්තැන දීම පිළිගත නොහැකිය” යන්න බවත් ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන මෙම පිරිස නායකත්වයට සුදුසුද යන්න පිළිබඳ ජනතාව තීරණය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්හ.

 

බෞද්ධ කොඩිය සහ ජාතික කොඩිය වෙනස් වෙනවා නම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියෙන් ආරක්ෂා කර ඇති  බුදු දහමට හිමි තැන අහිමි වනවා නම් එම බලවේගයන්ට එරෙහිව මහා සංඝරත්නයත්, ජනතාවත් පෙරට පැමිණිය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 

එසේම අනුර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම සිදු කරන ප්‍රකාශවලින් ද  බුදුදහමට තර්ජනයක් එල්ල වී ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ බුදු දහමට එරෙහි මෙම බලවේගවලින් රටත් සම්බුදු සසුනත් ආරක්ෂා කර ගත යුතු බවද අවධාරනය කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පෙන්වා දුන්නේ ජනතාවගේ දුක පීඩාව සහ සමාජ පරිපීඩිත බව දුරලීමට අධ්‍යාත්මික වශයෙන් හා භෞතික වශයෙන් යම් මෙහෙවරක් කළයුතු නම් ඒ යුතුකම එදා මෙරට මහා සංඝරත්නය ඉටු කළ බවයි.

 

අනෙක් ආගම්වලට අඩුවක් සිදුවන බව පවසමින් බුදු දහමට හිමි තැන නැති කිරීමට යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් උන්වහන්සේ මෙරට කිසිදු ආගමකට අඩුවක් සිදු නොවන අතර සියලු ආගමිකයන් සහෝදරත්වය සහ සංහිදියාවෙන් කටයුතු කරන බවත්, මං මුලාවූවන් සේ එක් එක් දේශපාලන මත පිටුපස නොයා සම්බුදු සසුන ආරක්ෂා කිරීමට බුදුන් වහන්සේ විසින් පැවරූ වගකීම හා පාරමිතාව නිසියාකාරව ඉටු කිරීමට මහා සංඝරත්නය එක්විය යුතු බවත් ප්‍රකාශ කළහ.

 

 

එසේම මෙය නාමල් රාජපක්ෂ මහතාගේ අවස්ථාව ද නොවන බව පෙන්වාදුන් උන්වහන්සේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමි නායකයෙකු ලෙස තම පුතණුවන් ජනාධිපතිවරණ සටනින් ඉවත් කරගෙන 2009 වසරේ ත්‍රස්තවාදයෙන් රටට නිදහස ලබාදුන් අයුරින් රට වෙනුවෙන් මෙවරද සිය යුතුකම ඉටුකරන ලෙස මහින් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

 

 

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් කියා සිටියේ අද මහා ඝෝෂාවන් සිදු කරන එක් නායකයෙක්වත් ආර්ථික අර්බුදය හමුවේ මේ රට භාර ගැනීමට ඉදිරිපත් නොවු බවයි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාරගෙන රටේ ස්ථාවරත්වයක් ඇති කර තිබෙන අවස්ථාවේ එය බිඳ දැමීමට විවිධ බලවේග ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් උන්වහන්සේ රටට ඕනෑම විපත්තියක් සිදුවන අවස්ථාවේදී රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය සැදි පැහැදී සිටින බවද මෙවර ද එම යුතුකම ඉටුකරන බවද ප්‍රකාශ කළහ.

 

මෙහිදී වැඩිදුරටත්  අනුශාසනාව සිදු කළ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමිපාණන් මෙසේද පැවසූහ.

 

WhatsApp Image 2024 09 17 at 08.49.31

 

අද එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානය තමන්ගේ පරමාදර්ශි පාඨ අතර එක් කරගෙන තිබෙන ප්‍රබලම සටහනක් වන්නේ “චරිත භික්ඛවේ චාරිකං  බහුජන හිතාය  බහුජන සුඛාය ලෝකානු කම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං”  යනුවෙන් වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.එක් මගක එක් නමක් වැඩම කරමින් ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කළා. නමුත්  මේ න විට බුදු දහමට තර්ජනයක් එල්ල වී තිබෙනවා.

 

 1946 පෙබරවාරි 12 වෙනිදා අපේ රටේ වාමවාදී  දේශපාලන භික්ෂුවගේ දේශපාලන මතය විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මහා සංඝරත්න එක්ව ප්‍රකාශක් එළිදැක්වුවා. දේශපාලන භික්ෂුවගේ ප්‍රකාශය යනුවෙන් එය නම් කෙරුණා. එය ජාතික මට්ටමේ ප්‍රබල ප්‍රකාශයක්. චරිත භික්ඛවේ චාරිකං යන්න විග්‍රහ කරමින් සඳහන් කර තිබෙන්නේ දේශපාලනය කියන නම යෙදුනද ජනතාවගේ දුක පීඩාව සහ සමාජ පරිපීඩිත බව දුරලන්නට අධ්‍යාත්මික වශයෙන් හා භෞතික වශයෙන් යම් මෙහෙවරක් කළයුතුනම් ඒ යුතුකම මහා සංඝරත්නය ඉටු කළ බවයි.  එය එදා අපේ ගුරු දේවයන් වහන්සේලා ඉටු කළා.

 

ඒ නිසා අපට ලස්සන මගක් තිබෙනවා නම්, ඇස් දෙක පේනවා නම්  මං මුලා වූවන් සේ නොමග යන්නේ ඇයි කියා මම පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙන් අහනවා. ලස්සන බෞද්ධ දර්ශනයක් බුදු පියාණන් වහන්සේ අපට ලබා දී තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ අපේ වගවීම අප අවධාරණය කර ගත යුතුයි.

 

1948 පෙබවාරි 04 වනදා මේ රටට නිදහස් ලැබුණට බුදදහමට අවශ්‍ය කරන නිදහස හා නියම තැන ලැබුණේ නැහැ. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්ව දළදා හාමුදුරුවන් වැඳ පුදා ගැනීමට කන්ද උඩරටට පැමිණි මොහොතේ දෙපස රැදි සිටි ජනතාව හඬ නගා ප්‍රකාශ කළේ  අගමැතිතුමනි අපට බුදු සසුන්ට නිසි තැන ලබා දෙන්න කියලයි. ඒ වෙනුවෙන්  මහා සඟරුවන සටන් කළා.

 

මේ රටේ ජනතාව 1505 සිට මෑත ඉතිහාසිය තුල වසර හාරසිය ගණනක් යටත් විජිත වී සිටියදීත් සම්බුදු සසුනේ ශක්තිය ආරක්ෂා කර ගත්තා. කුඩාපොල රාහුල හාමුදුරුවන් සිවුරු කොණ අගක  උත්තරීතර දළදා වහන්සේ සගවාගෙන තැනින් තැන වඩිමින් ආරක්ෂා කළා.

 

මේ රටේ කවර නායකයෙක් සිටියත් අපේ ශ්‍රිලංකාද්වීපයේ රජතුමා ඓතිහාසික දළදා හාමුදුරුවන් වහන්සේයි. දළදා හාමුදුරුවෝ වැඩ සිටින තුරු මේ රටට විපත්තියක් සිදු වන්නේ නැහැ. එසේ වුවද අප දෑත් බැඳගෙන සිටියොත් දළදා හාමුදුරුවන් ආරක්ෂා වන්නේ නැහැ.

 

බුදු රජාණන් වහන්සේ මරණ මංචකයේ සිට දේශනා කළ පරිදි වසර 5000ක් යන තෙක් උතුම් බුදුදහම රැකෙන්නේ මෙම ශ්‍රී ලංකාද්වීපය තුළයි. ඒ නිසා සම්බුදු සසුන් රැක ගැනීමට අපට බුදුරජාණන් වහන්සේ ලබාදුන් වගවීමක් සහ පාරමිතාවක්  තිබෙනවා.

 

බෞද්ධ කොඩිය වෙනස්වීමට යනවා නම්, ජාතික කොඩිය වෙනස් වෙනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ සඳහන් බුදු දහමට හිමි තැන නැති වෙනවානම් අප පෙරට පැමිණිය යුතුයි.

 

අපේ රටේ ආගම් අතර කිසිදු ප්‍රශ්නයක් වී නැහැ. අපේ කාදිනල්තුමා, බිෂොප් වහන්සේලා, මවුලවිතුමාලා, කුරුක්කල්තුමන්ලා එය පිළිගන්නවා නම් මේ රට තුළ ඇති ප්‍රශ්නය කුමක්ද කියා මම අහනවා, නමුත් ප්‍රශ්න තිබෙන අලුත් කණ්ඩායමක් දැන් නිර්මාණය වී තිබෙනවා.

 

අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ හා සමාන උපදේශකත්ව දෙන බොහෝ දෙනා අලුතින් ඒ පැත්තට එක් වූ අය මෙම භයානක උවදුර තුළ සිටිනවා. බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගැනීමට මේ අයට අවශ්‍ය නැහැ.

 

අද යාපනයේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සිටින පිරිසක් එකට එක්ව යම් ප්‍රකාශයක් කර තිබෙනවා . ඔවුන් එක්තරා දේශපාලන පක්ෂයකට උදව් කරනවා. හැබැයි ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ “අපි බුදු දහමට මුල් තැන දෙනවට කැමති නැහැ” කියලයි. එම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයා සමග එක් වෙනවලු. මේ අය කොතනද නවතින්නේ කියා අප සිතා බැලිය යුතුයි.

 

ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් කරන්නම් කියා හිතන කණ්ඩාමකට එහා ගිය තැනක අප නතර විය යුතුයි. අනුර දිසානායකගේ  ප්‍රකාශ සහ එම කණ්ඩායම කරන ප්‍රකාශන පිළිබඳ අප අවධානය යොමු කළ යුත්තේ ඒ නිසයි. ඔවුන් කළ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වෙලා තිබෙනවා.

 

ථෙරවාදී බුදු දහමේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. ථෙරවාදි බුදු දහමේ මූලස්ථානය වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට බුදු දහම පත්ව නැත්නම් බුරුමය සහ තායිලන්තය අපට හිනා වෙයි. බුදු සසුන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේදී අපට තිබෙන මහ බලවේග අපරිමිතයි. අප එක්ව ඒවා ජය ගනිමු. ඒ සඳහා ඔබවහන්සේලා ශක්තිමත් බව මම දන්නවා. අප මේ යුතුකම ඉටු කළ යුතුයි.

 

 

2009 වසරේ මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරදුන් මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි, මේ මොහොතේ තම පුතාව ඉවත් කරගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට ඉඩ දෙන්න කියා මම ඉල්ලනවා. මේ ඡන්ද ටික එකට එකතු කරන්න, ඔබතුමා සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක්නම් මේ රටට ආදරය කරනවා නම් මේ මොහොතේ එය සිදුකරන මෙන් මම ඉල්ලනවා. නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව පැමිණි විට එතැනත් මේ රාහුල හාමුදුරුවෝ ඉන්නවා කියලා මම ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේ මේ මතය විනාශ කරන්න එපා කිය මම ඉල්ලා සිටිනවා".

 

WhatsApp Image 2024 09 17 at 08.49.351

 

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ කියා සිටියේ අභයාරාම විහාස්ථානය ඕනෑම අවස්ථාව හොද වැඩවලට විවෘතවන විහාරස්ථානයක් බව ප්‍රකාශ කළ යුතු බවය. මේ රටට විපත්තියක්, කරදරයක් පීඩාවක් ඇති වූ සෑම මොහොතකම මහා සංඝරත්නය ඉදිරියට පැමිණි බවත්  උන්වහන්සේලාගේ කැපවීම  කවදත් ආදර්ශයක් වූ බවත් මුරුත්තෙට්ටුවේ හිමියන් පැවසූහ.

 

WhatsApp Image 2024 09 17 at 08.49.33

 

"ඉදිරියේ දී මේ රටට සිදුවන මහා දරුණු ව්‍යවසනයන්ගෙන් රට බේරා ගැනිමට අප කටයුතු කළයුතුයි. එසේ නොවුණහොත් මේ රට විනාශ වෙනවා. අද ඇතැම් නායකයන් දේශපාලන වේදිකාවල කියන කථා අහලා ජනතාව අත්පොළසන් දෙනවා මිසක් අනාගතයේ මොකක්ද වෙන්නේ කියලා ජනතාවට අවබෝධයක් නැහැ. ඒ නිසා මහා සංඝරත්නය ලෙස අපේ කැපවීම අවශ්‍යව තිබෙනවා.

 

අද මහා ඝෝෂාවෙන් කතා කරන එක නායකයෙක්වත් එදා මේ රට භාරගත්තේ නැහැ. දැන් විවිධ ප්‍රකාශ සිදු කරනවා. රට බේරා ගැනීමට අද මහා සංඝරත්නය එක් විය යුතුයි. අපේ අතීත යථිවරයාණන් වහන්සේ මෙන්ම අප ඒ සඳහා අධිෂ්ඨානයෙන් එක් වෙමු. මේ රටට පැමිණෙන ඕනෑම විපත්තියකන් රට ආරක්ෂා කිරීමට අප සැදි පැහැදී සිටින බව මම ප්‍රකාශ කරනවා".

 

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ නායක, අනුනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමඛ මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, චන්න වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

 

@ Media Unit

2024-09-16

 

WhatsApp Image 2024 09 17 at 08.49.37

WhatsApp Image 2024 09 17 at 08.49.30

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි