SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් සන්විධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීන රංගණ ශිල්පි අර්ජුන කමලනාත් පසුගියදා බෙන්තර

ඇල්පිටිය ප්‍රදේශයේ පැවති කුඩා වතු රැස්වීම් අමතන ලද අතර එහිදී වර්තමාන මැතිවරණ දේශපාලනය තුළ අපේක්ෂකයින්ගේ භාර්යාවන් පිළිබඳව සඳහන් කර ඇත.

 

“අද සමහර සිහින ජනාධිපති භාර්යාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මම කවදාද ආර්යාවක් වෙන්නෙ කියන ප්‍රශ්ණය.  සමහර භාර්යාවෝ උස්සාහ කරන්නේ ආර්යාව වුනහම කොහොමද ඒ බලය තමන් පාව්ච්චි කරන්නේ කියලා.

 

ඉන්දියාවෙන් සාරිත් ගෙන්වාගෙන

 

මට ආරංචියි එක ආර්යාවක් ඉන්දියාවෙන් ඉතා මිල අධික සාරි සීයක් ගෙන්නෙගන මේ දවස්වල ඒවට ගැලෙපන පාවහන්, හෑන් බෑග් සහ හැට්ට මහනවලු.ආර්යාව වුනාට පස්සේ දිවුරුම් දීමේ උත්සවයේ ඉදලා ජයග්‍රහණය සැමරීමේ උත්සව සීයක් විතර පැවැත්වීමට දැනටමත් සැලසුම් කරලත් ඉවරයිලු.

 

බිමින් ගමන් බැරිලු

 

සමහර භාර්යාවන් ඉන්නවා දැනටමත් ආර්යාව වෙලා ඉවරයි. ඒ ආයාර්යාවට දැන් බිමින් යන්න බෑ කියලා, දැන් යන්නේ උඩින්, හෙලිකොප්ටර්වල. ආර්යාවට එයාර් ෆෝස් පයිලට්ලා සැලියුට් ගහන්නේ නැහැ කියලා මල පැනලලු ඉන්නේ. ඒ ආර්යාවන්ගේ නෑනත් යන්නේ උඩින්. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මේවා ෆේස් බුක්වල.  සිහින ජනාපතිතුමා යන්නේ බිමින් ආර්යාව යන්නේ උඩින්. නමුත් ඔය සින  කුමරාට නම් කවදාවත් දිනන්න බෑ.

 

ස.ජ.බේ. අගමැති පොරය

 

සජිත් මහත්තයාගෙත් මණ්ඩලේ හෙන කචල්. ලක්ෂ්මන් කිරිඇල්ල හිතාගෙන ඉන්නවා එයා අගමැති කියලා. රංජිත් මද්දුම බන්ඩාර හිතාගෙන ඉන්නවා එයා අගමැති කියලා. සජිත් හිතාගෙන ඉන්නවා තමන්ට හදහන අනුව ගැලපෙන්නේ මද්දුම බන්ඩාරගේ හදහන ඒ නිසා එයාව අගමැති කරන්න කියලා. නංගි බලාගෙන ඉන්නවා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මුදල් ඇමති වෙන්න. එතකොට හර්ෂටයි, එරාන්ටයි මොකද වෙන්නේ?

 

බුද්ධාගමත් පාවා දීලා

 

දැන් බලන්න අනුරයි සජිතුයි දෙන්නම දෙමල සන්ධානයට පොරොන්දු වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට තියෙන තැන අයින් කරලා නිර්ආගමික රාජ්‍යයක් කියලා ඒක වෙනස් කරන්න. හැබැයි එකක් මතක තියා ගන්න ඕනේ. මේ සිහින ජනාධිපතිවරු තම වාසියට ආගම විතරක් නෙමෙයි අපේ රට, ජාතියත් තමන්ගේ වාසියට විකුණන ජාතියේ පොරවල් දෙකක්.  බොරු නම් බලන්න අද දෙමළ සන්ධානය නිල වශයෙන් ඒක අද ප්‍රකාශයට පත් කලා.

 

රට, ජාතිය, ආගමත් විකුණන්න පුඵවන් නම් විකුණයි

 

මේ දෙන්නම බලන්නේ ඕන මගුලක් වුනාට  කමක් නෑ කොහොම හරි තමන්ට ජනාධි වෙන්න පුළුවන් නම් කරන්න්න පුඵවන් හැම ජරා වැඩක්ම කරලා, බොරු පොරොන්දු දීලා ජනතාව ගොනාට අන්දලා ජනාධිපති වෙන්න.

 

සිංහල බෞද්ධ රටක්

 

මේ සිංහල බෞද්ධ රටක් වශයෙන් අපේ රට අපි හඳුන්වන්නේ. ඒත් අපි සියලු ජාතින්, ආගම් වලට සම තැන දීලා සමගියෙන් අද  ජීවත් වෙන්වා. මේ කරන වැඩවලින් ජාතින් අතර නැවතත් අසමගියක් ඇතිවෙන්නත් පුඵවන්. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගමන මුල් තැනදිය යුතුයි කියලා. ඒ කොටස අයින් කරන්න යන්නේ ඇයි? මෙවැනි පුද්ගලයින්ගෙන් බුද්ධාගම ආරක්ෂා කරගන්න අපට ඉස්සරහ සිද්ධ වෙනවා. මාත් බෞද්ධයෙක්.

 

අපේ ආගම ආරක්ෂා කරගෙන, අපි රට, ජාතිය ආගම කියන එකට මුල් තැන දෙන්න ඕන. ඒක අමතක කරලා ජනාධිපති වෙන්න මේ දේවල් අලෙවි කරනවා නම් එවැනි පුද්ගලයින්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේක තමයි යථාර්ථය. ඒ නිසා මෙම කාරනය කරුණාවෙන් තේරුම් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා”.

 

මේ අවස්ථාවට යුනයිටඩ් යූත් සන්විධානයේ  සභාපති සුදත් චන්ද්‍රසේකර , අධ්‍යකෂ අසේල දිසානායක, මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා සහ භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා සහභාගි වී සිටියහ.

 WhatsApp Image 2024 09 16 at 22.38.071


WhatsApp Image 2024 09 16 at 22.38.07
WhatsApp Image 2024 09 16 at 22.38.06

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි