SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ(16) කොලොන්නාව ආසනයේ, කොටුවිල ප්‍රදේශයේ පැවති ජනහමුවෙන් පසු, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා

කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ වසර 30කට පසුව එජාප ප්‍රතිපත්තීන් දරණ, "ඔරිජිනල් යූඇන්පී"කාරයෙකු ජනාධිපති ලෙස පත්වන බවත්එසේ වුවද මේ වනවිට  එජාප නායකයා උත්සාහ දරමින් ඇත්තේ  ජේවීපී කාරයෙකු ජනාධිපති කරන්නට බවත් ය.

 

 

ඒ අනුව මරික්කාර් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉතිරිව සිටින දෙලක්ෂ පනස්දහසකට ආසන්න එජාප සාමාජිකයන්ට ආරාධනා කළේ තම පක්ෂය සමග එක්වන ලෙසය.  

 

kolon 1

 

 

  • වසර 30කට පසු ඔරිජිනල් UNP කාරයෙක් ජනාධිපති වෙනවා...
  • JVP කාරයෙක් ජනපති කරන්න රනිල් උත්සාහ කරනවා....
  • IMF එක අහන්නේ ජනතාව සිය කැමැත්තෙන් පත් කරගන්නා රජයක මතයයි.

 

 kolo4

 

පසුගිය සමයේ පැවති සියලු මතවාද අමතක කර සහිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් එක් වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා  විසින් මෙරට ඉතිරිව සිටින සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් වෙත ආරාධනා කෙරිණි. ඒ කොලොන්නාව ආසනයේ කොටුවිල ප්‍රදේශයේ පැවති ජනහමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 

 

වසර 30කට පසුව එජාප ප්‍රතිපත්තීන් දරණ, "ඔරිජිනල් යූඇන්පී"කාරයෙකු ජනාධිපති ලෙස පත්වන බව ඔහු මෙහිදී විශ්වාසය පල කළේය. නමුත් එජාප නායකයා උත්සාහ දරමින් සිටින්නේ ජේවීපී කාරයෙකු ජනාධිපති කරන්නයැයි පැවසු මන්ත්‍රීවරයා  මෙරට ඉතිරිව සිටින දෙලක්ෂ පනස්දහසකට ආසන්න එජාප සාමාජිකයන්ට ආරාධනා කළේ තම පක්ෂය සමග එක්වන ලෙසයි. එජාප සාමාජිකයන් කිසිදා ජවිපෙට කඩේ නොගිය පිරිසක් බවත්, ඩීඑස්, ඩඩ්ලි, ජේආර්, ප්‍රේමදාස ආදී එජාපයේ යෝධයන්ගේ සැබෑ ප්‍රතිපත්තිය සහිත වන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය සතුව බවයු මරික්කාර් අවධාරණය කළේය.

 

 

ශ්‍රී ලංකාවේ තැලෙන පෑගෙන දුප්පත් පීඩිත පන්තිය, ජනතාවාදී පාලනයක් බලාපොරොත්තුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා  වටා එක්රොක් වෙමින් සිටියි. පෙර මැතිවරණ වලදී තම පක්ෂය පරාජයට පත්වූ ආසන හා දිස්ත්‍රික්ක වල ජනතාව, සජිත් ප්‍රේමදාස සහ සජබ වෙත මෙවර අසාමාන්‍ය ලෙස ඉහළ ආකර්ෂණයක් පෙන්නුම් කරමින් ඇත. සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් චෝදනා කළේ, එම ජනතාව ආර්ථික සංවර්ධනයක් හා රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් පසුවන මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන බවටයි. එම ක්‍රියා, කතා හෝ ප්‍රචාරණයන්හි ගොදුරක් බවට පත් නොවී නිවැරදි තීරණය නොපසුබටව ගත යුතුව ඇතැයි එහිදී ඔහු  අවධාරණය කළේය.

 

 

රනිල් වික්‍රමසිංහ විසින් ගෙනයමින් සිටින මහජනයා පෙලන මිරිකන පීඩාකාරී බදු ප්‍රතිපත්තිය වෙනස් කර සමාජ වෙළෙඳ ආර්ථික ක්‍රමය තුළින් ධනවතුන්ගෙන් බදු අය කරගෙන දුප්පතුන්ට වාසි හිමි කර දෙන වැඩපිළිවෙළකට සජබ අවතීර්ණ වීමට නියමිතයි. එමෙන්ම ආදායම් උත්පාදනය, ණය ගෙවීමේ හැකියාව වර්ධනය කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ජනතාව විසින් තෝරා පත් කරගත් පාලනයක අදහසට කන් දෙනු ඇතැයි මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේය.

 

kolo 6

kolo7

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි