SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවේ.

අපි පෙට්ටි කඩයක් හෝ පාතාල කල්ලියකුත් නෙවෙයි. ‘අදිටන’ වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්.

 

 

මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ලයි.

 

එමෙන්ම ඔවුන් තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙනත්  කිසිවකුත් දැක නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

 

 

“අපි ජාතික ජන බලවේගයට ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි අවබෝධයකින් යුක්තව. යුද හමුදාවේ වසර තිස්පහක් පමණ සේවය කර ජ්‍යෙෂ්ඨ නිලයන් දැරූ නිකැළැල් පුද්ගලයන් ලෙස අපි එකතු වී සිටිනවා.

 

 

ඒ වාගේම අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රටේ මජර දේශපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව. අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ.

 

හැත්තෑහය වසරක් තිස්සේ පවතින මේ ක්‍රමය අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවාගෙන නව පුනරුද යුගයක් කරා රට ගෙන යාමට දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ජාතික ජන බලවේගය සමඟ එකතු වූවා.

 

 

‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවෙයි. අපි පෙට්ටි කඩයක් නොවෙයි. අපි පාතාල කල්ලියක් නොවෙයි. ‘අදිටන’ බොහොම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්. ජාතික මෙහෙයුම් කමිටුව සාමාජිකයන් 12 දෙනකුගෙන් පිහිටුවාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයත් සමඟ එක්ව කටයුතු කරනවා.

 

 

ඒ වාගේම වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කත් ඇතුළුව රටේ දිස්ත්‍රික්ක 20ක අපේ දිස්ත්‍රික් කමිටු ක්‍රියාත්මක වෙනවා. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. මෙතැන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා. ඔහුත් එක්ක මැතිවරණ කොට්ඨාස මට්ටමින් පත් කළ සංවිධායක සහ සහකාර සංවිධායකවරයකු සිටිනවා. ඒ නිසා අපි කල්ලි නොවන බව මම අවධාරණය කරනවා.

 

‘නව මඟ’ කියන සංවිධානයේ පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ පටයක් වාගේම 20,000කට ආසන්න පිරිසක් සහභාගී වූ අපේ ජාතික සමුළුවට සම්බන්ධ වූ අයකු දැක් වූ අදහස් විකෘති කළ වීඩියෝවක් සමාජගත කරන්න උත්සාහ කර තිබෙනවා.

 

එදා සමුළුව ඇමතූ කථිකයන් ‘අදිටන’ සාමුහිකයේ අරමුණු ඉතා පැහැදිලිව සඳහන් කළා. ඒ සමුළුවට සහභාගී වූ හැමෝම යුතුකමක් ඉෂ්ට කරන්න කැපවීමේ අධිෂ්ඨානයෙන් පැමිණි අයයි. ලංකාවේ දේශපාලන වේදිකාවට ‘ස්මාර්ට් පොලිටික්ස්’ හඳුන්වා දුන්නේ අපි. පසුගිය කාලය තුළ අපගේ සාමාජිකයන් රට පුරාම කතා සිය දහස් ගණනක් කර තිබෙනවා. නමුත්, අපි ත්‍රිවිධ හමුදාවට හෝ මේ රටේ ජනතාවට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

 

 

නමුත්, අපට විරුද්ධව සිටින දේශපාලන වේදිකාවල විශ්‍රාමික හමුදා අය මොන වාගේ ද කතා කරන්නෙ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි කවරදාවකවත් ප්‍රචණ්ඩය වපුරන, වෛරී ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ.

 

 

මම මෙයට පෙර මාධ්‍ය හමුවේ දී සඳහන් කළ ආකාරයට ‘අදිටන’ ටී ෂර්ට් එක 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත්, එදිනෙන් පසුව යම් කෙනකු ඒ ටී ෂර්ට් එක භාවිත කළොත්, අපේ කෙනෙක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.” 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි