SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාති, ආගම් භේදයකින් තොරව සැමට සමානව සලකන නායකයෙක් රටට පත්කරගැනීම ජනතාවගේ වගකීම බව

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

 

 

ඔහු මේ බව සඳහන් කළේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනරැලියකට එක්වෙමිනි.

 

 

"මැලේසියාවේ සිදුකරන ඒ සංචාරක කර්මාන්තය ක්ෂේත්‍රය උපුටා ගනිමින් අපිට පුළුවන් මේ බලප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඒ සංචාරක කර්මාන්තය ප්‍රගුණ කරන්න. කාන්තාන්කුඩි බලප්‍රදේශයෙත් ඉඩම් නොමැති, ගෙවල් නොමැති පවුල්වලට නිවාස යෝජනා ක්‍රම බිහි කරන්නට අපි සැදීපැහැදි සිටිනවා. ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙනවා පාසල් 361ක්. ඒ පාසල් 361ම ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් ස්මාර්ට් රෝහල් බවට පත් කරනවා." 

 

 

"ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ භූමදාන ආදාහන ප්‍රශ්නය ආවා. ප්‍රශ්නය ඉදිරියේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් පැනලා දිව්වා. එගොල්ලෝ බය වුණා මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ වැරදි ක්‍රියාව කරනකොට මහ පාරට බැහැලා ලොකුම විරෝධතාවය මහ පාරෙත් පාර්ලිමේන්තුව තුළත් නැගුවේ සජිත් ප්‍රේමදාසයි සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානය කියන එක මම ඔබ සෑමදෙනාටම මතක් කරන්නට කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම මේ කාන්තාන්කුඩි බලප්‍රදේශයේ ජනතාවටත් රටේම ඉස්ලාමීය මුස්ලිම් ප්‍රජාවටත් මම කියන්නට කැමතියි රටේ නායකයා බවට වෙන්න ඕනේ. ඔබගේ ජන ජීවිතයට ඔබගේ සංස්කෘතියට ඔබගේ ආගම කුමක් වුවත් ඔබගේ ජාතිය කුමක් වුවත් මේ රටේ ශ්‍රී ලාංකිකත්වය රැකදෙන්න පුළුවන් එකම නායකත්වය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ඔබම තීන්දුවකට එන එක ඉතාමත්ම වැදගත්."

 

 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් තවත් ජනරැලියක් ඊයේ (15) කල්කුඩා ප්‍රදේශයේදී ද පැවැත්විනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි