SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ද්වේශසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය

දැඩි පියවර ගන්නා බව එම සාමුහිකයේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර අවධාරණය කරයි.

 

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර,



“මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 වැනිදා නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙනම ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්‍ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා. ‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැඟූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්‍ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි 2021 මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වූයේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාවන් තුළ සේවය කිරීමෙන් පසුවයි.

 

 



කවදත් අපේ ගරුත්වයක් ඒ හමුදාවන්ට තිබෙනවා. අපි රටේ පුරවැසියන්ව ආරක්‍ෂා කළා. ජාතිය ගොඩනඟන්න උර දුන්නා. ඒ වාගේම ලෝකයම පිළිගත් උසස් වෘත්තීය මට්ටමේ හමුදාවන්ට විනයගරුකව ඇතුළත් වුණු සාමාජිකයන් අපි. ඒ වාගේම විශාල මානුෂීය මෙහෙයුමක් සිදු කළා. ඒ වාගේම ජාතික ජන බලවේගය නිර්මාණය වී තිබෙන්නේ සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධාන ගණනාවක් ඒකරාශී කරගෙනයි. මෙය විද්වතුන් රාශියකගෙන් ගොඩනැඟුණු මහජන ව්‍යාපාරයක්. හිටපු පාලකයන් මේ රටට කළ විනාශය අපේ දරුවන්ට ඉතිරි නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටට යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නයි අපි එකතු වී සිටින්නේ.

 

 

 

මේ ගෙන යන වෛරී සහ ද්වේෂසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා. මැතිවරණ කොමිසමට සහ මැතිවරණය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා. එතැනින් ඔබ්බටත් අධිකරණයේ සහාය පතන්න අපි කටයුතු කරනවා.



හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමඟිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමඟ යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්‍ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලුම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තාක් මානයේ අපි ඉන්නේ.

 

 

ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා.

 

 

 

ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්‍ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමඟ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්‍ෂ. අපි කෙළින් වැඩ කරන අයවලුන්. ඒ නිසා අපි ජනතාවට කෙළින්ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම 21 වැනිදාට පසු කිසිම ප්‍රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.”

 

 

 

 

WhatsApp Image 2024 08 19 at 18.10.51

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි