කොලොන්නාව, මුල්ලේරියාව, කොටිකාවත්ත ආශ්‍රිත නගර වල අද(14) පෙරවරුවේ සංචාරය කරමින් සිදු කළ ජනතාව දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කළේ වර්තමාන ජීවන වියදම පාලනය කිරීමට, අධ්‍යාපන තත්වය නංවාලීමට, තරුණ තරුණියන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට හැකි ශක්තිය ඇත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට පමණක් බවයි.
- සජිත් දිනවන කොලොන්නාව අවසන් විජයග්‍රාහී ප්‍රචාරණ වටය ඇරඹෙයි.
- සුදුසුම වැඩපිළිවෙළ සොයමින් ඉන්න "පාවෙන ඡන්ද".
- අනුරගේ කොල මිටියේ, පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ප්‍රතිපත්තියක් නැද්ද...? ජවිපෙ 13 ගැන ප්‍රකාශනය ඡන්දදායකයාට සැකයි.
- කැබිනට් එක අනුමත කළ රනිල්ගේ යෝජනා සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තියෙනවා.... පුළුවන් නම් ඇයි නොකළේ...?
සමගි ජන බලවේගය විසින් රටට ඉදිරිපත් කළ ආර්ථික න්‍යායන්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් ඔහුගේ යෝජනා මෙන් ක්‍රියාවට නංවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි. පසුගිය සතිය තුළ තමා ප්‍රමුඛ සජබ විසින් ජනතාව වෙත හෙළි කළ බදු සංශෝධන යෝජනා, වාහන ආනයනය පිළිබඳ යෝජනා ආදියට කැබිනට් අනුමැතිය ලැබූ බව ජනපති විසින් ප්‍රකාශ කිරීම පුදුමසහගත වන බවයි ඔහු පැවසුවේ.
සජබ කියූ සැණින් ලබා දීමට හැකි සහන මෙතෙක් ලබා නොදුන්නේ මන්දැයි මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා විමසා සිටියේය.
මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කළේ වර්තමාන ජීවන වියදම පාලනය කිරීමට, අධ්‍යාපන තත්වය නංවාලීමට, තරුණ තරුණියන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට හැකි ශක්තිය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට පමණක් බවයි. මෙරට පාවෙන ඡන්දදායකයන් අදහාගත නොහැකි ආකාරයෙන් සජබ ප්‍රතිපත්තිය, නායකත්වය, කණ්ඩායම හා ඒ සියල්ලෙහි ධාරිතාව කෙරෙහි විශ්වාසය පල කරමින් සිටිති. සජිත් ප්‍රේමදාස පාලන සමය තුළ සමාජ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමය හරහා සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන සැළසුම් සියල්ල මේ වන විට සෑම පුරවැසියෙකු වෙතම, ලිඛිතව ලබා දී ඇත. සැප්තැම්බර් 22 උදෑසන සිටම, ඒ සැළසුම් ක්‍රියාත්මක කිරීම අරඹන බව ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණය ආසන්නයේ අවසන් සතියේ පාවෙන ඡන්දදායකයන් සළකා බලනුයේ වඩා සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව බවයි.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජවිපෙ අනුරගේ කොල මිටියේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව ප්‍රතිපත්තියක් නොමැති බවයි. එමෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔවුන්ගේ ප්‍රකාශනයන් සමාජය තුළ ඇති කරන්නේ සැකයකි. අවසන් මොහොතේ පාවෙන ඡන්දදායක ප්‍රවණතාව මෙන්ම උතුරේ දෙමළ නායකයන් ප්‍රමුඛ ජනතාව, දකුණේ ප්‍රගතිශීලී සිංහල නායකයන් පෙරටු කර ගත් ජනතාව, කඳුකරයේ දෙමළ නායකයන්, නැගෙනහිර හා තවත් මුස්ලිම් නායකයන් සමග මෙතරම් ප්‍රබල ජනතා විශ්වාසයක් ගොඩනැගී ඇත්තේ සජබ වැඩපිළිවෙළට බව ඔහු පැවසීය.
ඒ අනුව මරික්කාර් මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේ, රට පාලනයට සුදුසු දක්ෂ, දූරදර්ශී, අත්දැකීම් සහිත, තරුණ හා කාර්‍යශූර කණ්ඩායම සිටින්නේ තම පක්ෂයේ බවය.