මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක් වීම නිසා ඡන්ද ඔට්ටු ඇල්ලීමද
පෙර නොවූ විරූ ලෙස වැඩිව ඇතැයි වාර්තා වේ.
සමහරුන් ගේ දොර ඉඩකඩම් වාහන මුදල් ඇතුළු කෝටිගණන් දේපළ ඔට්ටු අල්ලා ඇත.
තවත් සමහරු ඔට්ටු පැරදුනු පසු කොණ්ඩය බූ ගෑම, අමුඩය ගසා කෝච්චියෙන් පැමිණීම, මහ පාරේ පැය ගණන් හිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීමට ගිවිසගෙන ඇත.
මෙම ඔට්ටු ඇල්ලූ පිරිස අතර වැඩි පිරිසක් විවිධ ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ය. සමහරුන් ඔට්ටු අල්ලා ඇත්තේ නීතීඥයින් ඉදිරියේ ලියකියවිලි වලටද අත්සන් තබමිනි.
මේ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාගේ අදහස වන්නේ ඔවුන් ඔට්ටු ඇල්ලීම පෞද්ගලික මට්ටමින් සිදුකෙරෙන්නක් බැවින් එවැනි දේ මගින් මැතිවරණයට ලොකු බාධාවක් ඇතිවේයැයි අදහස් කළ නොහැකි බවයි.