SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂ නායක, ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කෝට්ටේ,

සමගි ජන බලවේග මූලස්ථානයේ අද(14)  මාධ්‍ය හමුවක් පැවැත්විනි.

 

 

ඒ සඳහා  සහභාගි වූ සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  අදහස් පලකරමින් කියා සිටියේ සමගි ජන සන්දානය ජනතාවගේ සහන වෙනුවෙන්  ඉදිරිපත් කළ වැඩසටහන, උපයන විට බද්ධ අඩුකිරීමේ සිට සමාජ ආරක්ෂන බද්ද හරහා දුගී ජනතාවට මාසයකට රුපියල් විසිදහසක් ගෙවීම වෙනුවෙන් වාහන ආනයනය නැවත ක්‍රමානුකූලව ඇරඹීම දක්වා වූ යෝජනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැබිනට් අනුමැතීන්  ලෙස  ගෙන එමින් ඇති බව ය.

 

 

ඔහු ප්‍රශ්න කරන්නේ ඔවුන් ආණ්ඩු බලය සහිතව  සිටියානම් විපක්ෂයේ අප විසින් මෙකී යෝජනා ජනතාවට සහන සැපයීම වෙනුවෙන් ඉදිරිපත් කර එය කරන ආකාරය පැහැදිලි කරනතුරුම එය සිදුකිරීමට බැරි උනේ ඇයිද කියාය.

 

 

  • අපේම සිස්ටම්... අපෙන්ම අරගෙන...රනිල් කරන් යනවා....
  • ජනපති කැබුනට් එකට දැමූ යෝජනා... සජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන කරුණු.... ඇයි කලින් කරන්න බැරි වුණේ...?
  • බදු සහන, බඩු මිල පාලනය, පොලී අනුපාත, ආනයන අපනයන න්‍යායන් ඇතුළු සජබ ආර්ථික ප්‍රතිපත්ති... සරළව...
  • ඉස්සරහා ගැන අනුර මොනව කිව්වත්... ඡන්දෙට කලින්ම ජවිපෙ ප්‍රචණ්ඩත්වය වපුරනවා...
  • ප්‍රවේශම්වන්න...! රට පුරා ජවිපෙ ප්‍රචණ්ඩත්වය හිස ඔසවමින් ඇත.

 

 

 

නවතම ලිපි