ජනාධිපතිවරණයෙන් පසුව පත්වන රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට සූදානම් බව
එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් පවසයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය පවත්වන දිනය සම්බන්ධයෙන් පත්වන රජය සමඟ සාකච්ඡා කර තීරණය කරන බවයි ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කළ යුත්තේ ජනතාව බවද මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය සඳහන් කළාය.
මේ වනවිට ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ IMF වැඩසටහන වන අතර එහිදී ආණ්ඩුව වෙනස් වුවොත් වැඩසටහන නතර වනු ඇති බවට සාමාන්‍ය ජනතාව වෙත වැරදි වැටහීමක් සමහර අපේක්ෂකයන් විසින් ඇති කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම මතය මෙසේ පැහැදිලි කර ඇත.