SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

 

 

‘නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කර ගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව නිකුත් කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 

එවැනි ප්‍රවණතාවන් නැවැත්වීම සඳහා කොමිසම සැප්තැම්බර් 21 වන දින ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන තහනම් කරන බව ඔහු පැවසීය.

 

 

“තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී එවැනි සලකුණු සහිත ඡන්ද පත්‍රිකා අන්තර්ජාලයට මුදා හැරීමේ ප්‍රවණතාවක් අප නිරීක්ෂණය කර තිබෙනවා. අපිට ඕන ඡන්දෙ දවසෙ එවැනි සිදුවීම් වළක්වන්න.”

 

 

මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

තරඟ වදින සියලුම අපේක්ෂකයින් සඳහා මාධ්‍ය විසින් සම මට්ටමේ ක්‍රීඩා පිටියක් සහතික කළ යුතු බව ඔහු පවසයි.

එසේම නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් මාධ්‍ය වැළකිය යුතු බව ද  ඔහු අවධාරණය කළේය.

 

 

“අපට අපේක්‍ෂකයින් 38ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එක් එක් ගණන් කිරීමේ කාමරවල නියෝජිතයින් පස් දෙනෙකු සිටීම කළ හැකිය, මේක තරඟකාරී ස්ථානයක්. ඔවුන් ගණන් කිරීමේ නිලධාරීන්ට බෙල්ල දාල  තම ආධාරකරුවන් එක්ක බෙදා ගන්න  නිල නොවන ප්‍රතිඵල සටහන් කරනව. ඒ අයට  සමහර වෙලාවට හරියට පේන්නෙ නෑ. ඔවුන්ගේ සංඛ්‍යාව සමහර විට නිල සංඛ්‍යා සමඟ ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා නිල නොවන ප්‍රතිඵලවලින් ජනතාව නොමඟ යැවිය යුතු නැහැ,”

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි