SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු!

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ විසින් සංවිධානය කෙරුණු විශේෂ සමුළුව අද (11) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

 

එහි දී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ 21 වෙනිදට මේ රටේ ජනතා  වරමෙන් සමගි ජන සන්දානය  රාජ්‍ය බලය ලබා ගත් පසු  පළමු දිනයේ සිටම  මේ රටේ ලක්ෂ දෙසිය විස්ස ම එකට එක්ව  රටේ ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි රමින් අපනයන වැඩි කරන්නටත් ක්‍රියා කළ යුතු බවයි.

 

WhatsApp Image 2024 09 11 at 16.41.29

 

“අපේ රට ත්‍රිත්ව ඛේදවාචකයෙන් විපතට පත් වෙලා පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය රට හිතාමතාම බංකොලොත් කිරීමේ ක්‍රියාවලිය මේ සියල්ලක් ම තුළ දුකට පීඩාවට පත්වුණේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව පොදු ජනතාව වන ඔබයි. මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් අපි කෙසේ ද ගොඩ එන්නේ? වර්තමාන රජය කියන්නේ ජන ජීවිත කුඩා කරලා ආර්ථිකය කුඩා කරලා පටවන්න පුළුවන් උපරිම බර ටික රටේ සාමාන්‍ය ජනතාවගේ, වැඩ කරන ජනතාවගේ කරපිට හිස මත පටවලා කුඩා කිරීම තුළ අපිට මෙයින් ගොඩ එන්න පුළුවන් කියලා. අපි දකිනවා ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රතිපත්තියක්. ගොඩ එන්නට නම් අපි ආර්ථිකය වර්ධනය කරන්නට ඕන. ගොඩ එන්නට නම් අපි ආර්ථිකය ප්‍රසාරණය කරන්නට ඕන.

 

 

21 වෙනිදට මේ රටේ ජන වරමෙන් අපි රාජ්‍ය බලය ලබා ගන්න කොට පලවෙනි දවසේ ඉඳල ම මේ රටේ ලක්ෂ දෙසිය විස්ස ම එකට එකතු වෙලා අපි කරන්න ඕනෙ මොකක්ද? අපි නිෂ්පාදනය වැඩි කරන්නට ඕන. අපි අපනයන වැඩි කරන්නට ඕන. ආර්ථික වර්ධන වේගය වැඩි කරන්නට ඕන. හැමෝම එකතු කරගත් ආර්ථික සෞභාග්‍යය නිර්මාණය කරන්නට ඕන. නිර්මාණය වෙන සෞභාග්‍යය අපි හැමෝම බෙදා ගන්නට ඕන. දුප්පත්කම තුරන් කරන්නට ඕන.

 

 WhatsApp Image 2024 09 11 at 16.41.281

 

 

තවම මේ ජනාධිපතිවරයා දන්නෑ මේ රටේ ඉන්න දුප්පතුන් ප්‍රමාණය කොපමණද කියලා. දුප්පත් ප්‍රජාවට අපි කරන්නේ කිසිම වැඩපිළිවෙළක් නැතුව ඉවක් බවක් නැතුව මුදල් ආධාර ආහාර ලබාදීමද එසේ නැතුව කාල වකවානුවක් තීන්දු කරලා, පස්, වැදෑරුම් වැඩපිළිවෙළක් හරහා අපේ වැඩපිළිවෙළ යටතේ පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය මේ පස් වැදෑරුම් වැඩසටහන කේන්ද්‍ර කර ගෙන නාගරික දුප්පත්කමට, ග්‍රාමීය දුප්පත්කමට වතු ක්ෂේත්‍රයේ දුප්පත්කමට අපි විසඳුමක් හැටියට ජනසවියට හා සමානව මාස විසිහතරක වැඩසටහනක් මසකට විසිදාහ බැගින් ලබාදීලා. අපි දුප්පත්කම තුරන් කරන්නට කටයුතු කරන්නේ ඒ දුප්පත් ජනතාවත් අපේ රටේ ආර්ථික වර්ධනයෙන් කොටස්කරුවන් වෙන්නට ඕන.

 

 

 

පෙරමඟ ගමන්කරුවන් වෙන්නට ඕන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන් මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට පනහකට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දෙනවා. ඒ ආයතන සියල්ලක්ම මහා පීඩනයකින් හිටියේ. අවුරුදු හතරක සටනකින් පසුව අපිට පුළුවන්කම ලැබුණා රජයට බල කරන්න. දේපල වෙන්දේසිය පරාටේ වෙන්දේසිය අත්හිටුවීමේ ඒ මහා බලවේගය නිර්මාණය කරේ විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. හැබැයි අපි කිව්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවන කොට අර ක්‍රිබ් එකේ ඉන්න තියෙන වෙලා ආසාදු ලේඛනයේ සිටින ඒ ආයතන වලට හුස්ම ගන්න ප්‍රාග්ධනය ලබා දෙන්නට ඕන.

 

ඉංග්‍රීසි භාෂාවෙන් නිදහස් අධ්‍යාපනය හරහා අපේ රටේ හතළිස් එක් ලක්ෂයක් පාසල් දූ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන, තොරතුරු තාක්ෂණ සැබෑ වෙනස අපි ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි නිකන් ඡන්දයක් තිබූ පලියට දේශපාලන සීනි බෝල කවන්නට උත්සාහ කරන්නේ නෑ. අපි යථාර්ථවාදී වෙන්නට ඕන. අපි සත් යවාදී වෙන්නට ඕන. අපි දර්ශනයක් තුළ යන්නට ඕන.

 

 

චම්පික රණවක මැතිතුමාට මං යෝජනා කරලා තිබෙනවා මේ රටේ ඩිජිටල් තාක්ෂණ විප්ලවය රට පුරාවටම ක්‍රියාත්මක කිරීමේ වගකීම එතුමට භාර අර ගෙන ක්‍රියාත්මක කරන්න කියලා. මම අදහස් කරනවා මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මේ දැවැන්ත ජාතික විප්ලවය ක්‍රියාත්මක කරන්නට චම්පික රණවක මැතිතුමාත් එක්ක අපි අත්වැල් බැඳ ගන්නකොට ඒ විප්ලවය ශක්තිමත්ව දියත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායකුත් අපි පිහිටුවනවා.

 

 

ඒ හරහා අපේ රටේ පළාත් නමයෙම දිස්ත්‍රික් විසිපහේම ප්‍රා.ලේ, උප ප්‍රා.ලේ බල ප්‍රදේශ 341 ක් හැම ග්‍රාම සේවා වස දාහතර දහස් විසි එකේම රටේ තියෙන ගම් නියම් ගම් පනස් එක් දාහෙම මේ ඩිජිටල් විප්ලවයේ අරුණලු උදා වෙන්නට ඕන. මේක ප්‍රභූ කේන්ද්‍රීය වැඩසටහනක් වෙන්නට බැහැ. ඩිජිටල් විප්ලවයේ ප්‍රතිලාභ මුළු රටටම ලැබෙන්නට ඕන ජන මේ කරන විප්ලවයෙන් රටට ශක්තියක් ලබා ගන්නට ඕන ඔබත් ශක්තියක් ලබා ගන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේ එක්සත් ජනරජ පෙරමුණ පවත්වන මේ විශේෂ සමුළුවට සහභාගී වන්නට අවස්ථාව ලැබීම ගැන මම විශේෂ සතුටක් ලබනවා. මේ පෙරමුණේ සාමාජිකයින් සමඟ අත්වැල් බැඳගෙන අපි ශිෂ්ට සම්පන්න සෞභාග්‍ය සම්පන්න විශිෂ්ට මාතෘ භූමියක්, ප්‍රශස්ත ගුණාංගයන් වලින් හෙබි ප්‍රබුද්ධ ජන සමාජයකින් හෙබි සාර්ථක රටක්, සුන්දර රටක්, සංවර්ධිත රටක්, ඔබ අප සියලු දෙනා ම අත්වැල් බැඳ ගෙන ගොඩනගමු.”

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි