2005 මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අවසන් පෝස්ටරය මුද්‍රණය කිරීමටවත් මුදල් නොතිබූ බව පවසන
ජාජබ නායක අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ එම අවසන් පෝස්ටරය මුද්‍රණය කළ බවත් පවසයි.
එහෙත් ඔවුන් අද වනවිට දැවැන්ත ලෙස ධනය රැස්කරගෙන සිටින්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බැසිල් රාජපක්ෂ විසින් ඒ අවසන් පෝස්ටරයේ ණය මුදල මෙතෙක් පියවා නොමැති බවයි.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ප්‍රශ්න කර සිටින්නේ ලොව පුරා නිවාස මිලදී ගැනීමටත්, රට පුරා ඉඩම් මිලදී ගැනීමටත්, කොළඹ මන්දිර ඉදිකරන්නටත් දැන් මහා පරිමාණයෙන් ධනය රැස්කරගෙන සිටින්නේ කෙසේදැයි කියාය.
දේශපාලනඥයන් ධනය රැස් කරන්නේ ජනතාව මර්ධනය කරමින් බවත්, මෙම දේශපාලන සංස්කෘතියට ජාතික ජන බලවේගය තිත තබන බවත් ඔහු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ දේශපාලනය ජනතාවගේ මහජන මුදල් සතයක්වත් අවභාවිතා කර හෝ මුදල් හෝ දේපල උපයා නොමැති බවද අනුර දිසානායක වැඩිදුරටත් පැවසීය.
“අපි බලයට ආවට පස්සේ අපේ සියලු වරප්‍රසාද අත්හැරීමට අපි සූදානම්, දේශපාලනඥයන් නඩත්තු කිරීමට මහජන මුදල් වැය නොකළ යුතුයි. මහජන මුදල් වියදම් කරලා තවදුරටත් දේශපාලනඥයන්ගේ වාහන බලපත්‍ර, නිවාස, විදුලිය, ජල බිල්පත් ගෙවන්නේ නැහැ”.
ආරක්ෂාව සඳහා ආරක්ෂක නිළධාරීන් යෙදවීම ද බුද්ධි අංශ වාර්තා මත පදනම්ව දේශපාලඥයින්ට තර්ජන එල්ල වන්නේ නම් පමණක් ලබා දිය යුතු බවද ඔහු පැවසීය.