SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට දිගින් දිගටම වේදිකාවල තමාට යාලුකමක් ගැන කියා තමාට අමතන බවත්,

ඒ පැමිණෙන්නේ තමා කළ වැරදි ශේප් කරගැනීමට බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

 

ඔහු විසින් කුමන යාලුකමක් ගැන කතා කීවද තමන් බලයට පැමිණි පසු මහ බැංකුවේ වංචාව ගැන සොයන බව අනුර කුමාර එහිදී අවධාරණය කරයි.

 

“මෑතකදි, අවස්ථා ගණනාවකම රනිල් වික්‍රමසිංහ කියනවා

මා මිත්‍ර අනුර,  මගේ යාලුවා  අනුර කියලා.

ඔය ෂේප් වෙන්න එන්නෙ.

සමහර යාලුවො ඉන්නවනේද පස්සෙ මොකක් හරි උගුලකට අහුවෙයි කියල හිතාගෙන මම උඹගෙ යාලුවනේ යාලුවනේ කියන.

 

ඔය යාලු කතා කියන්නෙ ශේප් වෙන්න.

 

...... රනිල් වික්‍රමසිංහ ඔයාට ශේප් වෙන්න බෑ අපිත් එක්ක.

අපි මහ බැංකුවෙ වංචාව පිළිබඳ පරීක්ෂන කරනවා.

රනිල් වික්‍රමසිංහ ඔයා යාලුවා යාලුව කියල ශේප් වෙන්න හැදුවට ඔයාගෙ කාලයෙ බාර් ලයිසන් දීපු විදිහ හොයනවා.

රනිල් වික්‍රමසිංහ ඔයා යාලුවා යාලුව කියල ශේප් වෙන්න ආවට LRC එකේ ඉඩම් ඔයාගෙ ගජ මිතුරන්ට බෙදපු විදිහ හොයනව.

රනිල් වික්‍රමසිංහ ඔයා යාලුවා යාලුව කියාගෙන ආවට ඔයා මේ රටේ වංචනිකයින්ව ආරක්ෂා කරගන්න හදපු විදිහත්, වංචනිකයන්ව බේර ගත්ත විදිහත් ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි පරීක්ෂන කරනවා.....”.

නවතම ලිපි