SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගුවන් විදුලි සංස්ථාවේ හ පෞරුෂයක් ලෙස පිළිගැනෙන ප්‍රවෘත්ති මෙන්ම

වෙළඳ දැන්වීම් කලාවේද නමක් දැරූ සුජීව හරිස්චන්ද්‍ර තම දිවි සැරිය නිමවා ඇත.

 

මේ ඔහු වෙනුවෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ මහින්ද රුබසිංහ සමාජ මාධ්‍යයේ තැබූ සටහනක්.

 

“ගුවන් විදුලි සංස්ථාවේ සුජීව හරිස්චන්ද්‍ර හිත හොඳ දැවැන්තයා මීට ටික වෙලාවකට පෙර ජීවිතයෙන් සමුඅරන්.

 

ගැඹුරු හා පැහැදිලි හඬක්. වැඩි සද්දයක් නැතිව තමන්ගේ වැඩේ කරන දැක්මක් තිබූ ප්‍රවීණ සන්නිවේදකයෙක්. අවුරුදු 25 ක් පමණ අඛණ්ඩව උදෑසන 6.00 ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ සුජීව අයියා.

 

ලංකාවේ වෙළෙඳ දැන්වීම් හඬ පිළිබඳ සංඝණනයක් කළහොත් එතෙක් මෙතෙක් වැඩිම වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක හඬ සූජීව අයියගේ. දැනටත් මා නම් හිතන්නේ ලංකාවේ රූපවාහිනී හා රේඩියෝ නාලිකාවලින් විනාඩි 2-3 කට වතාවක් හෝ ඔහුගේ ඒ මනරම් හඬ රටට ඇසෙනවා ඇති.

 

ඔහු එවැනි ශිල්පියෙක් වුනත් නිහතමානි ගති ඇති සරල කෙනෙක්. කිසිවෙකු සමග තරගයක් ඇතැයි නොසිතන ඕනෑම කෙනෙකුට උදව් කළ අයෙක්.

 

නිහඬ විනෝදකාමියෙක් වුනු සුජීව අයියාට අත්හැරිය නොහැකි වූ ඇබ්බැහිකම ඔහුගේ ජීවිත ගමන කෙටි කර තිබීම ගැන ඉතා කනගාටුයි.

 

අප දෙදෙනාම මාතර වීම නිසාත් අප අතර තිබුණේ විශාල ලෙංගතුකමක්. වැඩි කතා බහ නැති ආදරණීය සුජීව අයියා ඉස්සර විටින් විට මට කියූ දෙයක් මතකයි. "මහින්ද, ඔයාට අවශ්‍ය වෙලාවෙදි මං ඉන්නවා"

 

ඒත් ඔබ අද නොකියාම ගිහින්.

නිශාන්තිට සහ දරු දෙදෙනාට කනගාටුව පළකරමි”.

 

@Mahinda Rubasinghe

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි