- වැස්ස නවතිනවා.... ඔය පොඩි පොදක් විතරයි...!
- අනුර මේ කොලොන්නාවට බැහැපු දා..., සෙනඟ සූ ගාලා දෙසීයයි...
- යූඇන්පීයේ ඉතුරු දෙලක්ෂ හතලිස් නමදාහයි...
- රතු මල්ලිලාට කිසිදා මේ බිමේ ඡන්ද හිමිවන්නේ නෑ.
- කැන්වසින්, පොකට් මීටින් ඔක්කොම හරි...
-ගාමිණී ෆොන්සේකා පුත් දමිත්, කොලොන්නාව සජබ වේදිකාවට...
විපක්ෂ නායක ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වහාම කොලොන්නාව හා මුල්ලේරියාව නගර මෙරට පළමු ස්මාර්ට් නගර ද්විත්වය ලෙසින් ගොඩනගන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සහතික වේ.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (7) පස්වරුවේ පැවති කොලොන්නාව විජයග්‍රාහී ජනාධිපතිවරණ ජන රැළිය අමතමිනි.
කොලොන්නාව ආසනය නියෝජනය කරන අතිවිශාල ජන සහභාගිත්වයකින් පැවති එම ජන රැළිය පැවැත්වුණේ කොලොන්නාව, උමගිලිය ක්‍රීඩාංගණයේදීයි.
ඇදහැළුණු වර්ෂාව මධ්‍යයේ වුවද තම ජයග්‍රහණය මත විශ්වාසය තැබූ කොලොන්නාව මහජනතාව අතරට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැමිණ සිය කෘතවේදීත්වය පුද කර සිටියේය. එමෙන්ම කොලොන්නාව සජබ ප්‍රධාන සංවිධායක එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ සාර්ථකත්වයද මෙහිදී විශේෂ අගැයීමකට ලක් කෙරිණ.
කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන එස්. එම්. මරික්කාර් මෙහිදී අවධාරණය කළේ සජිත් ප්‍රේමදාස නියත ජනපති පාලන සමය තුළ කොලොන්නාව බලප්‍රදේශය දියුණු කිරීම සඳහා තමා සකසා ඇති යෝජනාවලිය පිළිබඳ ලිඛිතව, කොලොන්නාවේ සියලු ජනතාව අතට මේ වන විට පත් කර ඇති බවයි.
එමෙන්ම මරික්කාර් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාවයද මෙහිදී පල කෙරිණ. තම පළමු ව්‍යාපෘතිය වූ ලෝ ලෙවල් පාර සංවර්ධනය කළ අයුරින්ම, කොලොන්නාව - ගොතටුව මාර්ගයත්, අඹතලේ - ග්‍රෑන්ඩ්පාස් මාර්ගයත් මංතීරු තුන බැගින් පුළුල් කර අදාළ නගර සීමාවන් වාණිජ නගර ලෙස සංවර්ධනය කෙරේ. එම සැබෑ ජනතා අවශ්‍යතාව මැනැවින් අවබෝධ කර ගත් සජබ නායක සජිත් ප්‍රේමදාස ඉතිරිව ඇති ඉතා සුළු වැඩ කොටස නිම කිරීම වෙනුවෙන් අඹතලේ බෝධිය පටුමග හා සේදවත්ත කලු පාලම පොම්පාගාර දෙකත් ඉදිකර දී තම ගංවතුර හා වැසි ජල පාලන වැඩසටහන සම්පූර්ණ කිරීමට මේ වන විටත් සිය අනුමැතිය ලබා දී ඇති බව ද හෙතම සඳහන් කළේය. කොලොන්නාවේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම නිවසක්, සෑම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක්, තත්වයෙන් උසස් සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් අතමිට මුදල් ගැවසෙන වාණිජ කොලොන්නාවක් බිහි කර, මෙම බිමේ සෑම පුරවැසියෙකුටම අභිමානයක් ගෙන දීම සිය අපේක්ෂාව බවයි මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේ.
කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන් සාහසිකව ඝාතනය කළ අනුරගේ කණ්ඩායමට මේ කොලොන්නාවේ කිසිවෙකු ඡන්දය ලබා නොදෙන බව ඔහු කියා සිටියේය. ටික දිනෙකට පෙර ඒ කොටිකාවත්ත මංසන්ධියටම අනුර නැවත පැමිණ පැවැත්වූ රැස්වීමට දෙසියයක් පමණ දෙනා වෙනුවෙන් ආසන පනවා තිබූ බවද මරික්කාර් පැවසීය. එමෙන්ම මුස්ලිම් සමුළුවක් පැවැත්වීමට අනුර පැමිණි විට ඒ සඳහා 50 දෙනෙකුවත් සහභාගී නොවූ බැවින් එහි ඡායාරූප පවා ඔවුන් පල කර නොතිබුණි.
පසුගිය වර වැඩි ඡන්ද 17000කින් ජය ගත් කොලොන්නාව, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් දිනවනුයේ වැඩි ඡන්ද 25000 ඉක්මවා බවට මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේය. එම ඓතිහාසික විජයග්‍රහණය වෙනුවෙන් කොලොන්නාව ආසනයේ ගෙන් ගෙට ගොස් දැනුම්වත් කිරීමේ වට දෙකක් සහ ප්‍රාදේශීය ප්‍රජා හමු 50%ක් අවසන් කර පසුවන්නේ ජය අභිමුව බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගොතටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නියෝජනය කරමින් අති විශාල ජනකායක් මෙම රැළියට සහභාගි වී සිටියේ සිය සිහින ඉටු කර ගැනීමේ බලවත් අපේක්ෂා සහිතවයි.
කොලොන්නාව ආසනය තුළ සංවිධාන කටයුතු සිදු කරන සජබ ප්‍රාදේශීය දේශපාලකයන් මෙන්ම සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, හේෂා විතානගේ, මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර, සජබ අවිස්සාවේල්ල සම සංවිධායක ජගත් කුමාර සුමිත්‍රාරච්චි, මහරගම ප්‍රධාන සංවිධායක ගාමිණි තිලකසිරි, නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක අනුරාධ විමලරත්න, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පුත් දමිත් ෆොන්සේකා සහ හිටපු ආණ්ඩුකාර එම්. ජේ. එම්. මුසම්මිල් යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
@පබසර රෝහණ
මාධ්‍ය ලේකම්