SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(7) උතුරේ ජනතාවට ප්‍රකාශ කළේ ඡන්ද රටාව වෙනස් නොකරන ලෙසයි.

දකුණේ ජනතාව අනුගමනය කරන ක්‍රමයම අනුගමනය කරන්නැයි  පසුගිය දිනක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපති වික්‍රමසිංහ මෙසේ පවසයි.

 

“ඔබ 2010 දී සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා. නමුත්  දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නා.  නමුත් ඔබට සිදු වූ දෙයක් නෑ. 2015 දී ඔබ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන්න. ඒත් දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නා. 2019 දකුණේ ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂටය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ඔබට හිරිහැර කළේ නැහැ. යාපනයේ අය සජිත්ට දුන්නා. සිංහල මිනිස්සු ගෝඨාභයට දුන්නා. නමුත් ගෝඨාභය හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ. හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අප පිළිඅරගෙන තිබෙනවා. ඒ තත්ත්වය යටතේ අනුර දිසානායක ඇවිත් තර්ජනය කරන්නේ කොහොමද?

මේ රටාව අනුගමනය කරන්න, ඔබට කිසිවක් සිදු නොවන බවට මම සහතික වෙනවා,"

ඔහු යාපනයේ පැවති ජන රැලියකදී පැවසීය.


"අනුර දිසානායක ඔබ බය කරන්න හදනවා. උතුරේ මෙන්ම දකුණේ මිනිස්සු බය කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණේ ‘‘ස්ටයිල්’’ එක එයයි. ඒ කාලේ චිට් කෑල්ලක් ලබා දී ජනතාව බය කළා.නැවත ඒ යුගයට යන්න උත්සාහ කරනවා. වහාම උතුරේ ජනතාවගෙන්, යාපනයේ ජනතාවගෙන් සමාව ඉල්ලන ලෙස මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා".

 

‘‘අපේ සැලැස්ම ඉදිරිපත් කර ඔබේ වටිනා ඡන්දය ඉල්ලන්න අප පැමිණ තිබෙනවා. අනුර දිසානායකත් ඇවිත් ඔබේ ඡන්දය ඉල්ලුවා. එයා මෙහේ ඇවිත්  කිව්වේ මොකක්ද? ‘දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටිය දී ඊට එරෙහි වුවහොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාවට ඇතිවේදැයි සිතන්න’ යැයි අනුර  කිව්වා. ‘ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිද?’ යැයි අනුර දිසානායක ප්‍රශ්න කළා. එමෙන් ම ‘මා ඔබට නැවත සහතික කරන්නම්, අප ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්වෙන්න ඕන. ඊට එරෙහි වූවන් වන්න එපා,’ යැයි අනුර දිසානායක කිව්වා. ඒ කියන්නේ අනුර දිසානායක ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම් කියනවා. ඒ තර්ජනය මා හෙළා දකිනවා”.

 

නවතම ලිපි