SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

 

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන අනාවැකි පළ කරන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් ව ඇති වාර්තා හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබේ.

 

යුරෝපා සංගමයට (EU) ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද එවැනි එක් මත විමසුමකින් ප්‍රකාශ කර ඇත්තේ  ජාතික ජන බලවේගයට  (NPP) බහුතර ඡන්දය හිමි වූ අතර, සමගි ජන බලවේගය (SJB) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් බවයි.

 

පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් කියා සිටියේ හැකි ඉක්මනින් නිසි පියවර ගැනීම මැතිවරණ කොමිසමේ සහ පොලිසියේ වගකීමක් බවයි.

 

“මෙවැනි ව්‍යාජ සමීක්ෂණ වාර්තා හරහා මහජන මතයට අනවශ්‍ය බලපෑම් කිරීමට විශාල ඉඩක් ඇත,” යනුවෙන් එහි සඳහන් වේ.

“ෆේස්බුක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයේ සහය ඇතිව, මෙම ව්‍යාජ වාර්තා නිර්මාණය කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බලා ඔවුන්ට ඒ අනුව දඬුවම් පැමිණවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුය,” පැෆ්රල් සංවිධානය තව දුරටත් ලියා ඇත.

 

කෙසේ වුවද තවත් පිරිස් තර්ක කරන්නේ එය සිදුවිය යුත්තක් වන අතරම තැපැල් ඡන්දයට පැය විසිහතරක් තියා වැටුප් වැඩි කිරීමක් පිළිබඳව ප්‍රවෘත්තීන් වර්තමාන රජය මූලිකව ඉදිරිපත් කරමින් සිදුකළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට එරෙහිව  පැෆරල් සංවිධානයට වේගවත්ව ක්‍රියාකිරීමට අමතකව ගොස් තිබූ බවය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි