SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL), මැතිවරණ කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ

මැතිවරණ නිරීක්ෂණ ආයතනවල නිලධාරීන් සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා එක්වී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඊයේ (5) පැවති සාකච්ඡාවකදී නීත්‍යානුකූලව සුදුසුකම් ඇති සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති ප්‍රායෝගික බාධාවන් පිළිබඳව සාකච්ඡා කෙරී ඇතැයි වාර්තා වේ.

 

එහිදී මතුවන ප්‍රධාන අභියෝග අතර ප්‍රවාහන බාධක, ආරක්‍ෂක අවශ්‍යතා සහ බන්ධනාගාරය  තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම යනාදී කරුණු ඇතුළත් ව ඇත.

 

එහෙත් මෙම බාධා මධ්‍යයේ වුවද, රැඳවියන්ගේ ඡන්ද අයිතියේ වැදගත්කම මෙම සාකච්ඡාවට පැමිණ සිටි සියලුම පාර්ශ්වකරුවන් හඳුනා ගෙන ඇති  අතර හඳුනාගත් ප්‍රායෝගික ගැටලු සඳහා සහයෝගීව විසඳුම් සෙවීමට ඒකමතිකව එකඟ වී ඇත.

 

මෙහිදී සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කැපවන බවට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්  මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සහතික වූ අතර, මේ සඳහා මූලික පියවර දැනටමත් ගෙන ඇති බව ද  සඳහන් කළේය.

 

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු මූලික අධීක්ෂණ ආයතනය ලෙස, මානව හිමිකම් කොමිසන් සභාව සිරකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ ප්‍රයත්නයන්හිදී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සමීපව අධීක්ෂණය කර සම්බන්ධීකරණය කරනු ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි