SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

* රාජ්‍ය සේවය කළමනාකරණ හා ඩිජිටල්කරණය පිළිබඳ හොඳම ප්‍රතිපත්තිය සජිත් ප්‍රේමදාසගේ.

* ටෙලිකොම් ආයතනය කුණු කොල්ලයට විකිණීමේ මහ මොලකරු දයා ගමගේ ගේ මස්සිනා.

* රාජ්‍ය සේවකයන් ඉල්ලීම් ඉල්ලනකොට ඔවුන් මගහැර ගිය NPP ට කිසිදු අයිතියක් නෑ තැපැල් ඡන්ද ඉල්ලන්න.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සතු තාක්ෂණික දේපළ සහ අනෙකුත් දේපළ වල වටිනාකම බිලියන 800ක් බවත් එහි තක්සේරු වටිනාකම බිලියන 400 යි ලෙස ගණනය කර බිලියන 200 කට විකිණීම සඳහා කටයුතු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික දයා ගමගේගේ මස්සිනා විසින් බවත් පසුගිය ජූලි 8 සහ 9 දින වලදී රජය සේවකයන් තම ඉල්ලීම් ඉල්ලා පාරට බසින විට එයට සහයෝගය නොදෙන බව පැවසු ජාතික ජනබලවේගයට තැපැල් ඡන්ද ඉල්ලා රාජ්‍ය සේවකයන් ඇමතීමට කිසිදු අයිතියක් නොමැති බව 'වැඩ බිමේ අපි, සංවිධානය  පවසයි.

 

එම සන්ධානය මේ බව පවසා සිටියේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ ස්වාධීන වෘත්තීය සමිති විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ට කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

 

ඒ සඳහා සම්බන්ද වූ 'වැඩ බිමේ අපි' සංවිධානයේ නියෝජිතයන් වැඩිදුරටත් දැක්වූ අදහස්..

 

එක්සත් ජනතා පොදු සේවක සංගමයේ ලේකම්, වැඩ බිමේ අපි සංවිධානයේ සාමජික H.A.R නිහාල්

 

"මේ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ න්‍යාය සහ රජයේ ව්‍යාපාර අන්සතු කිරීමට එරෙහිව 'වැඩ බිම අපි' සංවිධානය ජාතික සම්පත් ආරක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්න තීරණය කලා. ඒ අනුව වැඩ බිමේ අපි සංවිධානය පහුගියදා සමගි ජන සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා සමඟ ගිවිසුම් ගත වුණා. විශේෂයෙන්ම චම්පික රණවක හිටපු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ අපි ගිවිසුම්ගත වෙලා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා. වික්‍රමසිංහගේ විකුණන් කෑමයි, හිඟා කෑමයි, සූරා කෑමටයි විරුද්ධව අපි මේ වෙනකොට බොහෝ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. මේ ටෙලිකොම් එකේ දේපළ පිහිටලා තියෙන්නේ ආර්ථික මර්මස්ථානවල. පිටකොටුවේ, කොටුවේ ලෝටස් පාර, වැලිකඩ, රාජගිරිය, ගාල්ලේ කොටුවේ, මොරටුවේ, වැලිසර මහබාගේ වගේ හැමතැනම වාණිජ වටිනාකමකින් වැඩි දේපළ තමයි තියෙන්නේ. එම දේපල වල වටිනාකම මිලියන 58,000 ක් කියලා ගණනය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් සතු තාක්ෂණික දේපළ සහ අනෙකුත් දේපළ වල වටිනාකම බිලියන 800 ක් කියලා ගණනය කරලා තියෙනවා. මේ තාක්ෂණික දේපළය කියලා අපි ගත්තොත් ටෙලිකොම් ආයතනය සතු රටවල් 16 කට එහා පැත්තේ යුරෝපයත්, ආසියාවත්, මැදපෙරදිගත් සම්බන්ධ කරන සබ්මැරීන් දෙකක්, එකක් ගල්කිස්සෙනුත් එකක් මාතරෙනුත් යනවා. මේ සූරන් කන වික්‍රමසිංහගේ ආණ්ඩුව මේවා ගණනය කරන්න හැදුවා SRU කියලා ඒකකයක්. ඒකට දැම්මේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික දයා ගමගේගේ මස්සිනා සුරේෂා කියන බෝර ජාතිකයෙක්, ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි. ඔහු කීවේ මොකද්ද? ටෙලිකොම් එක අවුරුද්දට හොයන ලාභය, ඒක විකුණලා ගන්න සල්ලි ටික ෆික්ස් එහෙක දැම්මත් ඊට වැඩිය ගාණක් හමුවෙනවායි කියලා. ඔහු තමයි IFC ආයතනය හරහා මේකේ තක්සේරු වටිනාකම ගණනය කරලා බිලියන 400 යි කියලා මේක බිලියන 200 කට විකුණන්න යන්නේ. මෙන්න මේ සම්බන්ධව ගරු විපක්ෂ නායකතුමා සෘජුවම ප්‍රකාශ කළා තම ප්‍රතිපත්ති ප්‍රකාශයට රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධව ඇතුලත් කරන්නේ නැහැ. තම ආණ්ඩුවක් යටතේ එසේ විකුණපු ගිවිසුම් සියල්ල අවලංගු කරනවායි කියලා. කිව්වා වගේම ඔහුගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක තැනක තියෙනවා රාජ්‍ය අංශ කළමනාකරණය සහ ඩිජිටල්කරණය කියලා. අපි ඒක හන්දා සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථනයේ සලකුණ දිනවන්න අපේ සංවිධානය ඇප කැප වෙනවා. NPP ය මොකද කියන්නේ. NPP එක පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කළමනාකරණය සඳහා වෙනත් සමාගමකට පවරනවයි කියලා. ඒ ගැන අගෝස්තු 23 දා ඉංජිනේරු සහ බැංකු ව්‍යාපාරිකයන්ගේ සංගමයකදී NPP එක කියලා තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු කොටස් විකිණීමට විරුද්ධ බවත් ටෙලිකොම් සමාගම කළමනාකරණයට හැකියාවක් නොමැති බැවින් සමාගම කළමනාකරණය කිරීම සඳහා විදේශ සමාගමක් කැඳවීමට කටයුතු කරන බව. මෙම ප්‍රකාශයට විරුද්ධ බව ඉංජිනේරු සංගමයත් දන්වලා තියෙනවා. එතකොට අපි අහනවා රෝස පාට සිවුරක් පුරවන් එන NPP එකේ මේකද ප්‍රතිපත්තිය? මෙච්චර කල් හැංගි හැංගි හිටියා. දැන් තමයි වෙස් බැඳගෙන එළියට පැනලා නටන්න ගත්තේ.

ඒ වගේම අපිටත් බලපාලා තියෙනවා වැටුප් මත පනවන බදු සම්බන්ධව. සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙනවා 36% තියෙන බදු 24% ක් දක්වා අඩු කරනවායි කියලා. ඒ වගේම ලංකාවට සංචාරකයෝ එන කොට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට කියනවා ETA කියලා. ඒක කරේ අපේ ටෙලිකොම් මොබිටෙල් සමාගමෙන්. ඒකට අය කරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඩොලර්ස් එකයි. නමුත් කැබිනට් අනුමැතියක් අරගෙන මේ මහජන ආරක්ෂක ඇමතියා මොකක්ද කරේ? ඩොලර් 25.7 කට IVS ග්ලෝබල් කියලා ඩුබායි රෙජිස්ටාර් වෙන ඉන්දියාවේ පෙට්ටි කඩේකට දුන්නා. දීලා මොකද වුණේ? අදත් වීසා ගන්න සංචාරකයෝ පෝලිමේ එනවා. මේ දූෂණය නැවැත්තුවේ කෑගහන ෆයිල් අරන් යන අනුර කුමාර දිසානායකද?. නැහැ. ඒ එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක හිටපු ඇමතිතුමයි, රවුෆ් හකීම් හිටපු ඇමතිතුමයි. සුමන්දිරන් මන්ත්‍රීවාරයයි තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක නවතා දැමුවේ. මේකට පෙත්සම් අටක්, පාර්ශව අටක් සම්බන්ධ වෙලා තියෙනවා".

 WhatsApp Image 2024 09 05 at 17.17.451

තැපැල් වෘත්තීය සමිති එකමුතුව සහ වැඩබිමේ අපි සංවිධානයේ කැඳවුම්කරු චින්තක බංඩාර.

 

"රටේ ලක්ෂ 13 කට ආසන්න රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ 7 කට ආසන්න රාජ්‍ය සේවකයන් ඊයේ සහ අද ඒ වගේම තවත් දින දෙකක් ඉදිරියේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතයි. පොහොට්ටු පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මෑත කාලයේ රාජ්‍ය සේවයට කරපු බරපතල පීඩාකාරී තත්වයන් තුල රාජ්‍ය සේවකයන්, රනිල් වික්‍රමසිංහගේ ගෑස් සිලින්ඩරය කොටුව ඉස්සරහ කතිර ගහන්න හෝ ඉලක්කම් සටහන් කරන්නේ නෑ. මේ වෙනකොට රටේ කතානායක වෙලා ඉන්න අනුර කුමාර දිසානායක කයියනායකට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් බරපතල කතන්දර කියනවා. පහුගිය ජූලි මාසයේ 8 සහ 9 දවස් දෙකෙහි රටේ සමස්ත රාජ්‍ය සේවකයෝ තමන්ගේ වැටුප සම්බන්ධයෙන් අරගලයකට ගියා. මේ අරගලයේ ඉතිහාසයේ සාර්ථකම අරගලයක්. හැබැයි ඒ වෙලාවේ අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මතය වුනේ මොකක්ද? ජාතික ජන බලවේගය වැඩ වර්ජන වලින් ඉවත් වෙනවා කියන පණිවිඩය දුන්නා. එතකොට අපි අහන්න කැමතියි ජාතික ජන බලවේගය මේ වෙලාවේ රාජ්‍ය සේවකයන්ගේ එදා ඒ වැටුප සම්බන්ධයෙන් මැදිහත් වීමෙන් ඉවත් වෙලා අද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්නේ කොහොමද? අද IMF කොන්දේසි මත තමයි මේ රට පාලනය වෙන්නේ. රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරන්නේ. ඒ බලපෑම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග මතය මොකක්ද? ඔවුන් කිසිදු අවස්ථාවක පැහැදිලි මතයක් ප්‍රකාශ කරලා නෑ. ඔවුන් කියන්නේ මේ සම්බන්ධයෙන් අපි අධ්‍යනය කරලා ඒ අධ්‍යනය අනුව තමයි අපේ ක්‍රියාමාර්ග ගන්නේ කියන කාරණය. නමුත් වර්තමානයේ සමගි ජන බලවේගය යටතේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙන සජිත් ප්‍රේමදාස මහත්මා ඉතාමත් පැහැදිලි මතයක් කරනවා IMF එකෙන් ඉවත් වෙන්නේ නැහැ. හැබැයි IMF එකේ තියෙන යෝජනාවලිය සංශෝධනය කරනවා මේ රටට ගැලපෙන විදිහට. ඒ නිසා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සමස්ත අපේක්ෂකයන් ගත්තහම මේ වෙනකොට මේ රටේ පැවැත්ම පිළිබඳව පැහැදිලි නිරවුල් මතයක් ප්‍රකාශ කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදා  කියන එක සියලු දෙනාට පැහැදිලියි".

 WhatsApp Image 2024 09 05 at 17.17.46

වැඩ බිමේ අපි සංවිධානයේ ලේකම් සමන්ත බාදනගේ

 

"රනිල් වික්‍රමසිංහ මහත්මයා, රටේ ජනතාව ජීවත් වෙන්න බැරිය පාරට බහිනකොට එතුමා පාවිච්චි කරන්න ගත්තා මර්දනය. පහුගිය කාලයේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයත් සඳහා ගුරුවරු සියලු දෙනාම කොළඹට ආපු අවස්ථාවේ නිර්ලැජ්ජිත විදිහට එළව එළවා පහර දුන්නා. තැපැල් ඡන්ද පාවිච්චි කරන කණ්ඩායමේ විශාල පිරිසක් මේ ගුරුවරු. ඒ නිසා අපිට ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න වෙනවා මේ අවස්ථාවේ. එදා ඔබතුමන්ලාගේ ප්‍රශ්නය වෙනුවෙන් පාරට බැහැපු අයට ජනාධිපතිවරයා විසින් කරපු ඒ පහර ගැසීම, මං හිතන්නේ මේ මැතිවරණය වෙනකොට එතුමාලා මතක් කරගන්න සිද්ධ වෙනවා. රාජ්‍ය සේවය ගැන හා අර්ධ රාජ්‍ය සේවය ගැන විශ්වාසනීය තත්වයක් ඇති කරලා තියෙන එකම ප්‍රතිපත්ති ප්‍රකාශය  තමයි සමගි ජන සන්ධානය ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී සමගි ජන බලවේගයට කිසිම බයක්, සැකක් නැතුව විශ්වාසයක් ඇතුව පාවිච්චි කරන්න පුළුවන් කියන එක. අපි පහුගිය දවස රාජ්‍ය සේවකයෝ විදියට ජීවන බර දරාගන්න බැරුව එළියට බහිනකොට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා එළියට ඇවිල්ලා කිව්වා සත පහක් නැහැ වැටුප් වැඩි කරගන්න. කොච්චර එළියට බැස්සත් වැටුප් වැඩි කරගන්න බැහැ. අපි වැටුප් වැඩි කරනවා නම් ඉදිරියේදී තියෙන අයවැයකින් තමයි අපිට ඒකට ගැන සලකා බලන්න පුළුවන් කියලා".

 

WhatsApp Image 2024 09 05 at 17.17.47

වැඩ බිමේ අපි සංවිධානයේ සම කැඳවුම්කරු, ටෙලිකොම් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු නලින්ද හෙට්ටිආරච්චි

 

"අපේ මේ 'වැඩ බිමේ අපි' සංවිධානයේ ප්‍රධානම අරමුණ තමයි වෘත්තීය සමිති ආඥා පනත යටතේ පනවා තියෙන මුක්තීන් වලට ගරු කරමින් රටේ මැතිවරණ නීතීන් වලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා තියෙන රජයේ සේවය ඇතුළු විවිධ නීතින් ඒ කියන්නේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදී ඒවාට අවනත වෙමින් කටයුතු කරගෙන යාම. සමගි ජන සන්ධානයේ  ලේකම් ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරියේ වෘත්තීය සමිති විසි එකකට වඩා සංඛ්‍යාවක් ගිවිසුමකට එළඹුනා. එම වෘත්තීය සමිති අතර ඉතාම සුහදත්වයකින් අපි කටයුතු කරන්න මේ බලාපොරොත්තු වෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ වියරු වැටිලා ඉන්නවා. මොකද ජනතා විමුක්ති පෙරමුණට එක පැත්තකින් කියනවා සොරකම ගැන. නමුත් සොරකම කරන්න ප්‍රධානම අවිය සපයා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට වුන සොරකම ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ".

 

@මාධ්‍ය ඒකකය

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි