SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය.

වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.

 

 "අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් වුණේ. අද අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තුළ ගෞරවය ආරක්ෂා කරන ගමන් ජනතා සේවාවන්වලට තාක්ෂණය පරිවර්ථනය කරලා, ඒ පරිවර්ථනය වන තාක්ෂණයත් එක්ක ජනතා සේවාවන් තවදුරටත් පහසුකරනවා වගේම රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවෙන්න ඕනේ. මැතිවරණ වේදිකාවේ එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු දෙන්නේ. අපි පැහැදිලිවම බොරු පොරොන්දු දෙන්න අපි සුදානම් නෑ. උද්ධමනයට අනුපාතිකව දේශපාලිනක මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවක පඩි වැඩිකරනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිකරන්න නම් දේශපාලන මැදිහත්වීමක් ඕනේ. රටේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා වු වැඩපිළිවෙල අපි සතුයි."

 

නා මල්

 

“අපිට කරන්න පුළුවන් දේ අපි පුළුවන් කියනවා.

බැරි දේ අපි බැහැ කියනවා.

"අපට විශ්වාසයක් තියෙනවා ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලත් එක්ක නැවත වතාවක් ආසියාවේ ආඩම්බරය බවට මේ මාතෘ භූමිය සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ පරිවර්තනය කරන්න අපට හැකියාව සහ ශක්තිය තියෙනවා. ඒ හැකියාව් අපට තියෙනවා. අපිට ඕනේ ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන්න.

 

මේ නාගරික ප්‍රදේශයේ ජීවත් වෙන අමමා තාත්තා අපි දන්නවා අභියෝගාත්මක කාලයක් පහුකලා. පහුගිය කාලේ විදුලිය පැය ගාණක් කැපුණා. එහෙම වුණේ යහපාලන කාලේ එක මෙගාවොට් එකක්වත් විදුලි බල පද්ධතියට එකතු කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පටන් ගත්ත.

 

හැබැයි අපි පැහැදිලිවම කියනවා අපි ඉදිරියේ හදන ආණ්ඩුවක් තුළ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි මින් ඉදිරියට කිසිම දේශපාලඥයෙකුට හෝ ආණ්ඩුවකට රටේ බලශක්ති සුරක්ෂිතතාවය මඟහරින්නත් අපි ඉඩ තියන්නේ නෑ.” 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි