SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සන්නාමකරණයෙන් සහ ව්‍යවසායකත්වයෙන් තොරව රට ගොඩනැගිය නොහැකි බව

සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

 

සමාජ මාධ්‍ය තුළින් ජනතා ගැටලුවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

 

ව්‍යාවසායිකා හෂිනි හිමාෂා - ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ ආදායම ප්‍රකාශයට පත්කළා. ඔබතුමාට තමයි වැඩිම ආදායමක් තියෙන්නේ? හැබැයි ප්‍රචාරක කටයුතු වලට වියදම් කරද්දි අපිට පේන දේ තමයි ඔබතුමා තමයි අඩුවෙන්ම වියදම් කරන්නේ ?

 

ව්‍යවසායක දිලිත් ජයවීර - "එක දවසට රැලි තුනක් තියලා මහ විශාල ජන සංඛ්‍යාවක් ගෙනැල්ලා ඒක නිකම් මේ නිවුස් එකේ පොඩි කට් එකකට කරන වැඩක් නේ. හැම රැලියටම එන්නේ එකම ජනතාව. අනික එ්ක දැන් සමාජය අගය කරන්නෙත් නෑ. ඔක්කෝමලාම දන්නවා සෙනඟ ඇදලා තමයි ගෙනැල්ලා තියෙන්නේ කියලා."

 

ව්‍යාවසායිකා හෂිනි හිමාෂා - අපේ රටේ ස්වභාවික සම්පත් පිරුණු රටක්. ඒ සම්පත් අගය එකතු කළ නිෂ්පාදන බවට පත්කිරීම සඳහා ඔබතුමාගේ වැඩපිළිවෙළක් තිබෙනවා ද? 

 

"ඇත්තටම අපි තේ වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ අගය එකතු නොකර. සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න නම් බෑග්වලින් තමයි රට යවන්නේ. අපි උත්සහ කරන්නට ඕනේ ලංකාවෙන් අපි අපනයනය කරන යමක් හෝ තියනවා නම්, තේ රබර්, පොල්, සාදික්කා, කරදමුංගු, ගම්මිරිස් මොනවා වුණත් ඇත්තටම කළ යුත්තේ ඒ සියල්ලම අවසාන චේන් එකේ පුරුක දක්වා අගය එකතුකළ යුතුයි.  අවසාන එකතු කිරීම තමයි එයින් සන්නාමයක් නිර්මාණය කළ යුත්තේ. හැබැයි ඒ අතර වැලිව් චේන් එකේ ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ගම්මිරිස්වලින් ගම්මිරිස් තෙල් හදන්න පුළුවන්. හදනවා ලංකාවේ සමාගම් කිහිපයක්ම. ඇත්තටම අපේ රට ගොඩගන්නට නම් කටපාඩමේ තබා ගත යුතු වචන කිහිපයක් තමයි සන්නාමකරණය. අපේ රට ගොඩ ගන්න බෑ බ්‍රෑන්ඩින් කරන්නේ නැතුව. ළමයින්ට චක්කරේ උගන්නන්න ඉස්සෙල්ලා පොඩි කාලේ බ්‍රෑන්ඩින් උගන්නන්න ඕනේ. ව්‍යවසායකත්ව උගන්නන්න ඕනේ. පොසිටිව් තිංකින්ග් කියන එක මේ අභිප්‍රේරණය අවශ්‍යයි."

 

"අපිට ඇත්තටම මේක කරන්න පුළුවන්. අපි මොන තරම් මහන්සි වුණත් පාඩු වෙන්නේ නෑ මේකේ ප්‍රතිඵල එනවා. විශේෂයෙන්ම තාරුණ්‍ය අපිට අභිප්‍රේරණය කරන්න පුළුවන්. මෝටිවේට් කරලා ගන්නට පුළුවන්. අපේ බලාපොරොත්තුව බලෙන් හරි මෝටිවෙට් කරනවා."

 

@adaderana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි