SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- රජයේ සේවක ඉතුරුම් ජවිපෙට පූජා කරනවාද..?

- සමාජ මාධ්‍යයේ බොරු මවා ඡන්ද දිනන්න බෑ....

 

රාජ්‍ය සේවකයා තම ජීවිත කාලය පුරා හම්බකර ඉතිරි කර ගත් මුදල් සියල්ල ගිල ගන්නට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳ සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

 

ජවිපෙ විසින් එළිදක්වා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු පුස් වැඩපිළිවෙල අනුව රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයැයි ඔහු  කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති (4) මාධ්‍ය හමුවේදීයි.

 

රාජ්‍ය සේවකයා රටට බරක් කර නොගෙන, කාර්‍යක්ෂම සේවාවක් බවට පත් කිරීම සජබ අපේක්ෂාවයි. දරුවන්ගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් හෝ දියණියගේ දෑවැද්ද වෙනුවෙන් හෝ ස්ථිර තැන්පතු ලෙස තබා ඇති මුදල් ජවිපෙ ආණ්ඩුවක් වෙත පූජා කිරීමට කැමතිදැයි මරික්කාර් මන්ත්‍රීවරයා  රජයේ සේවකයන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

 

මීට පෙර මැතිවරණ වලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සමග නැගෙනහිර හා වතුකරයේ දේශපාලන නායකයින් එක්ව සිටි බවත් මෙවර ද්‍රවිඩ ජාතික සන්ධානයද සිය සහාය තමන් වෙත ලබා දීම නිල වශයෙන් නිවේදනය කර ඇත.

 

නමුත් එජාප කණ්ඩායම් එම සන්ධානගත්වීම පිළිබඳ විවිධ සාවද්‍ය කරුණු ජනගත කිරීමට දරන උත්සාහය ලැජ්ජා සහගත බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය. පසුගිය කාලය පුරා දෙමළ හා මුස්ලිම් සහාය එජාපය වෙත හිමි බවට ගොඩනගා ඇති මතය බිඳ දමමින් දැන් උතුර, නැගෙනහිර හා කඳුකර දේශපාලන සහාය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට හිමි වී තිබේ.

 

එමෙන්ම මෙරට සියලු ආගම්, ජාතීන් හා ප්‍රදේශයන් නියෝජනය කරන බහුතර ග්‍රාමීය ජනතාව සහාය සජිත් ප්‍රේමදාස හට හිමිව තිබෙන බව රට වටින්ම ඔප්පු වී ඇත. වෙනදා තම පක්ෂයට නොතිබූ ජනතා ආකර්ෂණයක් පවතින බවත්, පසුගිය වර සජබට ජය හිමි නොවූ ආසන වල ජනතා කැමැත්ත අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එම ජනතා කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය දරාගත නොහැකි නිසා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම වියරුවෙන් මෙන් විවිධ ප්‍රචාර කරමින් සිටියි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජය ගත නොහැකි බව අවබෝධ වීමෙන් පසු දැන් උත්සහ කරන්නේ අනුරගේ ආණ්ඩුවේ අගමැතිකම ලබා ගැනීමට බවයි මරික්කාර් මන්ත්‍රීවරයා  කියා සිටියේ. ඒ වෙනුවෙන් අනුර ජනපති කිරීමට අවශ්‍ය සහාය රනිල්  වික්‍රමසිංහ ලබා දෙමින් සිටියි. සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් අවධාරණය කළේ ඡන්දය දින්නත් පැරදුනත්, ප්‍රතිපත්ති පාවා නොදිය යුතු බවයි. සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය ප්‍රවෘත්තීන් ප්‍රචාරය කර ජන මනස විකෘති කිරීම හරහා මැතිවරණ ජය ගත නොහැකි බව ඔහු  කියා සිටියේය.

 

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි