SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැප්තැම්බර් 21 වැනිදා ජාතික ජන බලවේගය තේරී පත් වූ පසු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන බව  

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

 

ඔහු කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණය පවත්වන තුරු මාස කිහිපයක් එන්පීපීය ආණ්ඩුව ගෙන යන බවයි..

 

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ විපක්ෂයේ දේශපාලනඥයින් ජනතාව අතර අනිසි බියක් ඇති කරන බවත් බිය වීමට හේතුවක් නොමැති බවත්ය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස එකහමාරක් ආණ්ඩුව ගෙනයාමට NPP ට විකල්ප කිහිපයක් තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ඔහු පැවසීය.

 

“බලයට පත්වූවාට පසුසෙ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරනවා, අපි කිසිසේත් ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ, අවශ්‍ය නම් මාස එකහමාරක් ජනාධිපතිවරයාගේ විෂය පථය යටතේ තිබෙන සියලුම අමාත්‍ය ධුර අරගෙන ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. මම වෙනුවට එක මන්ත්‍රීවරයෙක් පත් කර ගත්තට පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කාටවත් බය වෙන්න ඕන නැහැ”.

 

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නැවත තේරී පත් නොවන බව අනුර දිසානායක පැවසීය.

 

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකුව ආදී රජයේ වැදගත් ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සැප්තැම්බර් 23 වැනිදාම පත් කරන බව ඔහු වැඩිදුරටක් පැවසීය.