SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ඇතැම් අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු කිසිසේත් ඉටුකළ නොහැකි

පොරොන්දු  බව සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර කියයි.

 

තමා ජනපති අපේක්ෂකයෙක් ලෙස මෙහිදී  යෝජනා කරන්නේ රාජ්‍ය සේවකයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා  වැඩපිළිවෙලක් අවශ්‍ය  බව යැයි ඔහු ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

 

"ඉන්න ජනාධිපතිවරයාම මීට මාස 2කට කලින් කිව්වා පඩි ගෙවන්න විදියක් නැහැ කියලා. පඩි ගෙවන්නවත් විදියක් නෑ කියපු රජයම 25%කින් පඩි වැඩි කරලා තිබෙනවා. ඒකට රුපියල් බිලියන 2කට වැඩි මුදලක් අවශ්‍යයි. මේ පිළිබඳව අපි කොහොමද විශ්වාසයක් තියන්නේ. මේක දැනුමක් තිබෙන රාජ්‍ය සේවකයාට කළ අපහාසයක්. පඩි වැඩි කරන්න ඕනේ තාර්කිකව"

 

"අනුර කුමාර මහතා යෝජනා කරන්නේ මාස 6න් 6ට පඩි වැඩි කරන්න. කොහොමද ඒක කරන්නේ. කොහෙන්ද ඒ සල්ලි ලැබෙන්නේ."

 

"අපි රාජ්‍ය සේවකයා සමග මීට වැඩිය විද්වත් සංවාදයකින් පස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අවශ්‍ය සහනාධාර, මුදල්, දිරි දීමනා ද... මේ ඔක්කොම ගැන සාකච්ඡා කළ යුතුයි." 

 

"අපි යෝජනා කරලා තිබෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි. හොඳට වැඩ කරන කෙනෙකුට තවත් දිරි දීමනාවක් ලැබිය යුතුයි."

 

"මේ දෙන දේවල් සම්පූර්ණ පොරොන්දු විතරයි. ලංකාවේ ආර්ථිකය ගැන දළ හෝ අවබෝධයක් ඇති... උසස් පෙළට ආර්ථික විද්‍යාව හදාරන දරුවෙකුගෙන් ඇහුවොත් කියයි... මේක ඉටු කරන්න පුළුවන් පොරොන්දුවක් නෙමෙයි."