SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන්

ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

 

ගාල්ලේ පැවති සුහද හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර, 

 

"මම නියෝජනය කරන්නේ සංකල්ප මත පදනම් වූ උපායමාර්ගික වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම සඳහා යන ගමනක් ඒක නිසා මේකට කාටවත් විරුද්ධ වෙන්න බැරි වැඩපිළි‍වෙළක්. මේකට හේතු දක්වන්න බැහැ මේකට විරුද්ධ වෙන්නේ අහවල් හේතුවට කියලා.

 

මොකද අපි බොහොම මහන්සි වෙලා, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඓතිහාසිකව වර්ධනය වුණ, ඒ සම්ප්‍රදායක දේශපාලනය තුළ සිදුවුණු වැරදි සමස්තයම එකවරම නිවැරදි කරන්නට පුළුවන් ආකාරයේ උපායමාර්ගික වැඩපිළිවෙලක් මහන්සි වෙලා හැදුවා. ඒක ගොඩක් සමීක්ෂණ, පරීක්ෂණ මත පදනම්ව ලෝකයේ වෙනත් රටවල් මෙවැනි තත්ත්වයක් තුළ කොහොමද මුහුණ දී ඇත්තේ කියන එකත් ඒවට ඒ අය භාවිත කරපු සංකල්ප මොනවද කියන එකත්, එතකොට අපි රටක් හැටියට ජාතියක් හැටියට අපිට වැරදුණේ කොතැනද කියන මේවා ඔක්කොම බලලා තමයි මේක හැදුවේ.

 

මට කිසිම බැඳීම් නැහැ. මාව නඩත්තු කරන කළු ආර්ථිකයක් නැහැ. මම දවසට රැස්වීම් තුනක් හතරක් තියන්නෙත් නැහැ. රැස්වීම් තියලා රුපියල් 5,000ක් දීලා සෙනඟ ගේන්නෙත් නැහැ. එච්චර සල්ලි දෙන්න කෙනෙකුත් නැහැ. දුන්නත් ගන්නෙත් නෑ. මොකද එහෙම වුණොත් මේක කරන්නත් බැහැ. ඒ නිසා අනෙක් සියලුම අපේක්ෂකයින්ට කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔවුන්ට උදව්කරන දේශපාලන කණ්ඩායම් දෙස බැලුවහම."