SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර දිසානායක කියන්නේ මා ඉගෙනගත් කැලණිය විශ්වවිද්‍යාලයේම සගයෙක්.

ඒ කාලේ විවිධාකාර මත ගැටුම් සංවාද මධ්‍යයේ තමයි අපේ ශිෂ්‍ය ජීවිත ගෙවී ගියේ. පසු කාලෙක අපි මුණ ගැසෙන්නේ එක්තරා අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ අරමුණ තමයි දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඒ වටා රොක්වී සිටින කල්ලි කණ්ඩායම් මේ රට ඇද දමා තිබූ අගාධයෙන් මේ රට ගොඩ ගැනීම.

 

තවදුරටත් දෙවතාවක් හිතන්න අපට අවශ්‍ය නැහැ. මේ වන විටත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව සක්‍රීය ලෙස දායක වී තිබෙන අන්දම ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරයේම අදහස ඒක තමයි.


WhatsApp Image 2024 09 04 at 14.27.561

 

ලබන 21 වැනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නොවෙයි. සහෝදරයා කියලා හරි නම කියලා හරි ඔබට ඇමතිය හැකි කෙනෙක්. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එක්තරා කඩඉමක් සනිටුහන් කරනවා. ඒ කඩඉම තමයි මේ රටේ පවුල් දේශපාලනයට හා ප්‍රභූ දේශපාලනයට සහමුලින් තිත තබන ජයග්‍රහණය වීම. මේ වෙනස කළ හැකි, හැකියාව ඇත්තේ ඔබ අතේ. ඔබේ ඡන්ද එකතු වූ තැන මහා බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි මේ රටේ මෙතෙක් දේශපාලන බලය අවභාවිතා කළ බලය අවසන් කරන බලය. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික ඇහැව්වාම මේ රටට අත්වී ඇති මේ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන්.

 

අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි බලලා, ලෝකයේ අධ්‍යාපනය මේ වන විට තිබෙන්නේ කිනම් තැනකද කියලා දැකලා ආපසු මේ රටට ආවේ මේ රටට යමක් කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු අපි හැමෝම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලැබූ අය. අපිට හෘදය සාක්ෂියක් තිබෙනවා. ඒ හෘද සාක්ෂියෙන් අපිට මිදෙන්න බැහැ. අනුර සහෝදරයාගේ කථාවක් අහන ඔබට දැනේනේ මොනවාද? එහි බොරු පොරොන්දු නැත. බොරු ආලවට්ටම් නැත. බොරු සෝබන කතාද නැත. ඇත්තේ එක දෙයයි. ඒ තමයි හෘදය සාක්ෂිය. අවංකභාවය සහ දේශපාලන අධිෂ්ඨානය. අපි මෙච්චර කල් අහිමි කර ගත්තේද ඒ දෙයමයි. රටක විපරිවර්තනයක් ඇති කරන්න නම් මනුෂ්‍යයෙකුට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයි. එහෙම නැතිව ගෑස් සිලින්ඩරයක් පෙන්නපු පළියට දේශපාලන අධිෂ්ඨානයක් ඇති වන්නේ නැහැ. පුපුරලා මිනිස්සු ගණනාවක් මිය ගිය ඛේදවාචකයක් පිටුපස තිබෙන සංකේතයක් තමයි ගෑස් සිලින්ඩරය. අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය හැරෙන්න කිසිදු  සත්‍යාවදී දේශපාලකයෙකු හෝ දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ දැන් අපිට පෙනෙන්නට නැහැ. ඒ සත්‍යවාදී දේශපාලනය සහිත මේ රට හා ජනතාව අලුත් දිසාවකට හැරවිය හැකි, අද ඉන්න එකම දේශපාලනඥයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු පමණක් නොවෙයි මේ රටේ කලාකරුවන් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ඔහු වටා රොද බැඳ අවසානයි. මේක සම්ප්‍රදායික රොද බැඳීමක් නොවෙයි.

 

අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඊළඟට බලයට එන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් පෞද්ගලිකව යමක් කර ගන්න නොවෙයි. ඒත් ඒ ආණ්ඩුව අපිට ආරාධනා කළොත් මේ රට  වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපේ දැනුම හා ශක්‍යතාවයන් ඒ සඳහා අපි නොපැකිලවම දායක කරනවා. දැන් අපේ ජීවිතයෙන් භාගයක්ම ඉවරයි. මේ බර අපි අනාගත පරපුරට බාර දිය යුතු නැහැ ජාතික ජන බලවේගය එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගෙන තිබෙන අභියෝගය අන් කිසිම පක්ෂයක නායකයෙකුට බාර ගත නොහැකියි. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ අනුර දිසානායක සහෝදරයා ඡන්ද කෝටියකින් දිනවිය යුතුයි කියලා.

 

WhatsApp Image 2024 09 04 at 14.27.55