SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“රට කියන්නේ මිනිස්සු කියලා හිතන නායකයෙක් යටතේ මෙහෙයවන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් අවශ්‍යයි.

මේ ගැන ඇඟට දැනෙන මිනිස්සු දස දහස් ගණනක් සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටිනවා. අපේ රටේ අනාගතය අඳුරු නැහැ. රට අඳුරට ගෙන යන්න මොන අය උත්සාහ ගත්තත් මේ රට ඉදිරියේ ලොකු ආලෝකයක් මතු වෙමින් තිබෙනවා.

 

ගාමිණීගෙ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ගොවි ජනපදයේ ඉපදිලා ජේ ආර් ලබා දීපු නොමිලේ පොත් ටිකෙන් ඉස්කෝලෙ ගිහිල්ලා ලලිත් ලබා දීපු මහපොළ ශිෂ්‍යත්වයෙන් විශ්වවිද්‍යාල වියහියදම් පිරිමහගෙන උපාධිධාරීන් වෙලා, උගත්තු වෙලා දේශපාලනයට ආපු අය අද මේ රටේ හැම තැන ම කියා ගෙන යනවා මේ රටේ 77 වසරක ශාපයක් තිබුණා, මහා දුෂ්ට හැතිකරයක් මේ රට විනාශය කළා කියලා කතාවක්. මේ අය මේ රට භයානක සමාජ බෙදුම්වාදයක් කරා ගෙන යමින් සිටිනවා”. - කරු පරණවිතාන

 

රට යනු මිනිසුන් යැයි සිතන නායකයෙක් යටතේ මෙහෙයවන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවශ්‍යතාව, ඇඟට දැනෙනා මිනිසුන් දස දහස් ගණනින් සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටින බව අභිනවයෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන කියයි. ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ රට අඳුරට ගෙන යාමට කුමන අය උත්සාහ කළත් රට ඉදිරියේ විශාල ආලෝකයක් මතු වෙමින් පවතින බව ය.

 WhatsApp Image 2024 09 04 at 15.05.48

(පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙමින්)

 

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන;

 

“මට මන්ත්‍රීවරයෙක් හැටියට අද දිවුරුම් දෙන්න හැකියාවක් ලැබුණේ රත්නපුර ජනතාව පසුගිය මහ මැතිවරණයේදී මට විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කරලා ඒ මනාප ලැයිස්තුවේ ඊළඟට මාව ඔසවා තබපු නිසා. ඒ වගේම කියන්ට ඕනේ අපි ඒ ජනවරමට ගරු කරමින් එය ආරක්ෂා කරමින් හැමදාම පාර්ලිමේන්තුවේ නොහිටියත් කටයුතු කළා. ඒ ජනවරම අපි පාවලා දුන්නෙත් නැහැ. අපි රත්නපුරේටත්, රටටත් හඳුන්වලා දුන්නා. ඒක වැදගත් තේමාවක්. ගරු සරු දේශපාලනයක් කියලා. පසුගිය යහපාලන ආණ්ඩු කාලෙ මන්ත්‍රීවරයෙක් හැටියටත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියටත්, ඒ ප්‍රදේශයේත්, මේ පාර්ලිමේන්තුවේත්, අමාත්‍යාංශවලත්, විදේශ රටවල්වල කරපු මෙහෙවර දීත්, අපේ ගරු සරු භාවය ආරක්ෂා කර ගනිමින් වැඩ කළා. ඉදිරියටත් මගේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ඒ පදනම හින්දයි.

 

මම කැමතියි එක නීතියක් පමණක් ගැන කතා කරන්ට. ඒ තමයි මේ අවම වැටුප් නීතිය. ඇත්තෙන්ම කියනවා නම්, මේ නීතිය ඉතා ම හොඳ නීතියක්. අපි ඒකට අපේ සහයෝගය ලබල දෙනවා. ඒ අතර කියන්න ඕනි අද රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙන වෙලාවේ ලක්ෂ 70 කට අධික ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ වැටිලා තිබෙන වෙලාවක බදු බරින්, ණය බරින්, ජීවන බරින් මිනිස්සු හෙම්බත් වෙලා තියෙන වෙලාවක මේ වගේ නීති රීති වලින් සමාජ සාධාරණ සුරක්ෂිත කිරීම ඉතාමත් ම වැදගත් පියවරක්. නමුත් මේක ප්‍රමාණවත් නෑ. ඒ වගේ ම මේ නීතියෙන් කතා කරන දේ අද වන විට අපිට දක්නට ලැබෙන ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට බෙහෙවින්ම අදාළයි.

 

අද ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ගණනාවක් තරඟ කළාට අද තරඟය අපේක්ෂකයින් දෙදෙනෙකුට සීමා වෙලා තිබෙනවා. ඒ තමයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මැතිතුමා අතර තරඟයක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලන්න ඕනේ මේ වගේ නීතියක් සහ ඉදිරියටත් මේ අවම වැටුප් වැඩි කරමින් වැටුප් වර්ධක වැඩි කරමින් ඉස්සරහට ආණ්ඩුවට කටයුතු කරන්න වෙනවා. එතකොට මේ සඳහා ධනයක් අවශ්‍යයි. නිකම් පොරොන්දු දීලා හරි යන්නේ නැහැ. මේ රට නැවත වතාවක් ධන උපායන රටක් බවට පත් කල යුතු ව තිබෙනවා. නැත්නම් මේ නීති රීති මහා පුස්සක් බවට පත් වෙනවා. කාට ද ඒ හැකියාව තියෙන්නේ? අපි අන්න ඒ කාරණය බලන්න ඕනෙ. ඒ කාරණයේ දී ඇත්තෙන්ම ගත්තොත් එහෙම මේ වෙළඳපොළ ක්‍රමයත් එක්ක අපට යන්න වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය දියුණු කරන්න. රටේ සමාජ සාධාරණත්වය තහවුරු කරන්න වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සංහිඳියාව ආරක්ෂා කරන්න වෙලා තිබෙනවා. මෙන්න මේ ක්‍රියාමාර්ගයේ දී අපට දේශපාලන ප්‍රතිපත්තියක් ගැන කියනවා නම් අපට යන්න තියෙන එකම විකල්පය තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඔස්සේ ඉස්සරහට යන එක. සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි ඒ කාරණය ඉතාමත් ම නිශ්චිතව කියලා තියෙන්නේ අපි යන ගමන මේක යි කියලා. මෙච්චර කාලයක් සමාජවාදය ගැන කතා කරපු අය මේ ගැන මොකක් වත් කියලා නැහැ. මොකක්ද ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්තිය කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අද රටේ කරමින් සිටින්නේ අපි දුක් විඳින ප්‍රශ්නය අපට ම ආලවට්ටම් දාලා කැටයම් දාලා ආපහු කියන එක. ඒක අලුතෙන් කියන්න දෙයක් නෑ. දිරාපත් වුණු යට ඇඳුම් ගැන ආලවට්ටම් දාලා කතා කරන ඒ අය ඉදිරිපත් කරන්නේ හොඳට ම දිරාපත් වෙච්ච විසඳුම්. ඒ විසඳුම් වලින් රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. නමුත් අනිත් පැත්තට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අර ගෙන බලන්න. ආර්ථිකය දියුණු කිරීමටත්, සමාජ සාධාරණත්වය තහවුරු කිරීමටත් ඉතා ම විද්වත්, සබුද්ධික, ප්‍රායෝගික යෝජනා මාලාවක්, සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඒකරාශී වෙලා තිබෙනවා.

 

ඒ කැටයම් කතා පමණක් නෙවෙයි ඒ දිරාපත් වෙච්ච විසඳුම් වලට දාන උජාරු කතා පමණක් නෙවෙයි තව ඉතා භයානක දෙයක් මේ රටේ සිද්ධ වෙමින් තිබෙනවා. ගාමිණී දිසානායක මැතිතුමා ඇති කරපු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ගොවි ජනපදයේ ඉපදිලා ජේ ආර් ජයවර්ධන මැතිතුමා ලබා දීපු නොමිලේ පොත් ටිකෙන් ඉස්කෝලෙ ගිහිල්ලා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ලබා දීපු මහපොළ ශිෂ්‍යත්වයෙන් විශ්වවිද්‍යාල වියහියදම් පිරිමහගෙන උපාධිධාරීන් වෙලා, උගත්තු වෙලා දේශපාලනයට ආපු අය අද මේ රටේ හැම තැන ම කියා ගෙන යනවා මේ රටේ 77 වසරක ශාපයක් තිබුණා. මහා දුෂ්ට හැතිකරයක් මේ රට විනාශය කළා කියලා කතාවක් කියා ගෙන යනවා. මම කල්පනා කරලා බැලුවා ඇයි මේ ගොල්ලෝ මෙච්චර මේ වගේ කතාවක් කියන්නේ? තමන්ගේ ම ඉතිහාසයට ඇයි ගරහන්නේ? තමන්ගේ පදනම ඇයි ඒකටම ගරහ, ගරහමින් මේ කතාව දිගින් දිගටම කියා ගෙන කියා ගෙන යන්නේ ඇයි කියලා. ඒ කතාව නිකන්ම කතාවක් නෙවෙයි. මේ හදන්නේ විශාල සමාජ බෙදුම්වාදයක් ඇති කරන්න. ඒ සමාජ බෙදුම්වාදය මොකක්ද? උන් සහ අපි. මේක හිට්ලර් ජර්මනියේ කළා. අපේ දේශපාලනය පාරිශුද්ධ දේශපාලනයක්. තොපේ දේශපාලනය දුෂ්ට දේශපාලනය කියලා සමාජ මතවාදයක්. හැම මිනිස්සුන්ගේ ම ඔළුවේ තහවුරු වුණාට පස්සේ බලය ලබා ගත්තාට පස්සේ ඉතින් ආයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඕන මිනිහෙක්, ඕන දේශපාලන පක්ෂයක් තහවුරු කරන්න. ඕනම විපක්ෂ නායකයෙක්, විරුද්ධවාදියෙක් අත්අඩංගුවට ගන්න. ඕන නම් මරලා රටින් එලවන්න කරන මතවාදය සමාජීය වශයෙන් තහවුරු කිරිල්ල තමයි මේ කරන්නේ. ආන්න ඒ භයානක සමාජ බෙදුම්වාදය. ඒක දීර්ඝ කාලීන කල් අල්ලන මතවාදයක්. මේ ගොල්ලන්ටත් ඒක කරගන්න බැරි වෙනවා. එම නිසා මෙන්න මේක ගැන ඔය ආර්ථික කාරණයටත් වඩා අප උනන්දු විය යුතුයි.

 

අද මේ රට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ වගේ භයංකර ප්‍රචණ්ඩත්වයකට අත වනන, ප්‍රායෝගිකත්වයට කිසි ඉඩක් නැති දේශපාලනයක් නෙවෙයි. අද මේ රටට ඊළඟ ජනාධිපතිවරණයෙන් අවශ්‍ය වෙනවා මේ රටට ඉස්පාසුවක්, මේ රට හුස්ම ගන්න අවකාශයක්. රට කියන්නේ මිනිස්සු කියලා හිතන නායකයෙක් යටතේ මෙහෙයවන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය අවකාශයේ, මාධ්‍ය අවකාශයේ, සාහිත්‍ය මහාචාර්යවරු කියන කවි නෙවෙයි, අද මේ ගැන ඇඟට දැනෙන මිනිස්සු දස දහස් ගණනක් සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටිනවා. එම නිසා අපේ රටේ අනාගතය අඳුරු නැහැ. රට අඳුරට ගෙන යන්න මොන අය උත්සාහ ගත්තත් මේ රට ඉදිරියේ ලොකු ආලෝකයක් මතු වෙමින් තිබෙනවා.”

 

මේ අතර කරු පරණවිතාන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සමග රත්නපුර ඔහුගේ ඡන්ද බලප්‍රදේශයේ පාක්ෂිකයන් විසින් ඊයේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් සුභ පැතූ ආකාරය...

 karu addres 2

 WhatsApp Image 2024 09 04 at 15.06.34

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි