SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් ඉවත්වීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවේ පදනම වෙනස් කරන බවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බවට ඇතැම් පාර්ශවයන් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව BBC සිංහල නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීත්හි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ කරුණු තුනක් බවත් පළමු කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සමාජයේ පීඩාවට පත්වන කණ්ඩායම සඳහා මීට වඩා ශක්තිමත් සහනාධාර වැඩපිළිවෙළක අවශ්‍යතාව යැයි ඔහු  එහිදී සඳහන් කළේය.

 

දෙවැනි කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චංචා සහ දූෂණ සම්බන්ධයෙන් නීති පැනවීමට වැඩි අවධානයක් යොමු කරන බවත් ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ එතැනින් ඔබ්බට ගිය ප්‍රයෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්  යැයිද අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

 

තුන්වෙනි කරුණ ලෙස මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අධ්‍යයනය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවයේ ඉදිරි අදියරවලදී සිය රජයේ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි