SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු එසේ පැවසුවේ රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.

 

රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ 49,000ක පමණ අනුමත කාර්යය මණ්ඩලයකින් සමන්විත කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සාමාජිකයින් ඊයේ  (3) සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර හමුවිය.

ඒ, කොළඹ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේදීය.

 

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර,

 

"මේකේ කළු ආර්ථිකය ලොකුයි මේ ආර්ථිකය වගේ 4 ගුණයක්. ඒක නිසා තමයි පඩි වැඩි කරන්න බැරි. දේශපාලන පක්ෂ හරහා විශාල කළු ආර්ථිකයක් තිබෙනවා. හැම සමීක්ෂණයකින්ම කියනවා... අඩුම තරමින් 40%ක් ජනතාව... "අපි තාම තීරණය කරලා නැහැ කියලා."

 

මේ අතර ඊයේ  පස්වරුවේ සර්වජන බලයේ බත්තරමුල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණි.

 

එහිදී ජනාධිපති අපේක්ෂක  දිලිත් ජයවීර කියා සිටියේ,

"රාජ්‍ය සේවකයන් පොරොන්දු ගොඩක් ඉදිරියේ අතරමං වෙලා. ඔබ ඔබගේ මනස පාවිච්චි කරන්න. ඔබ අපේක්ෂා කළ වෙනස අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා."

යනුවෙනි.

නවතම ලිපි