SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙමින් ඇති සමගි ජන බලවේගයේ ප්‍රචාරක ලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර සිදුවූ කතාබහක් සම්බන්ධ වීඩියෝව සම්බන්ධයෙන් අද (03) මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පිළිතුරක් ලබා දී ඇත.

 

ඔහු කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ලජ්ජායට කරුණක් බවය.

මන්ද මීට මාස ගණනකට පෙර පක්ෂයේ හිතවතෙකුගේ අවමංගල්‍යයට සහභාගී වන අතරතුර සභාවක් මැද සිදුවූ කතාබහක් සංස්කරණය කරමින් පෞද්ගිලක්ව සිදුවූ කතාවක් ලෙස හුවා දක්වමින් දේශපාලන මඩ ගැසීමකට මෙය පාවිච්චි කරමින් ඇති බවය.

 

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටිල තියෙන තත්වය ගැන මට හරි ලැජ්ජයි. මීට මාස ගානකට කලින් පිළියන්දල මළ ගෙදරකදි හම්බ උනාම එතුමාම මට ලඟට එන්න කියල කතාකරල වාඩි කරගෙන, එතුමාම කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එක දෙන එක ගැන එයා හිතනව කියල, ඒක කිව්වම ඉතිං මම කිව්ව මුදල් ඇමතිවරයා හැටියට අත්සන් කරන්න බලය තියෙන්නෙ ඔබතුමාට තමයි, ඔබතුමා ගෙ කැමැත්තක් කරන්න කියල.

 

දැන් ඒක මාස ගානක් තියාගෙන ඉඳල රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරේදා රෑ ඒක දාල තියෙනව. එදා ඒ සාකච්ඡාවෙන් පස්සෙ නැගිටලා යනකොට එතුමා කිව්ව ඔන්න ඔක්කොම රෙකෝඩ් වෙලා  තියෙන්නෙ කියල. ඉතිං මං අවංකව ජනතාව ඉස්සරහ කතාකළේ.

 

එක දෙයක් පැහැදිලිව කියන්න ඔින. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂ කල්ලියත් එක්ක එකතු වෙලා ජනාධිපති වෙන්න හදනකොටත් මට පාර්ලිමේන්තුවෙදි පෞද්ගලිකව කතාකරල ඇමතිකමක් ගන්න කිව්ව. මම එයාගෙ පැත්ත පළාතකටවත් ගියේ නැහැ.

 

එනිසා මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු දේපළ සොරාකාපු කට්ටියත් එක්ක එතුමට එකතුවෙලා ඉන්න පුළුවන්  උනාට අපිට බෑ. අපි ප්‍රතිපත්තිත් එක්ක ජීවත් වෙන්නෙ. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්නෙ.

 

එනිසා මේව එඩිට් කරල, දේශපාලන බංකොලොත්භාවයට.. පරාජයේ අඳුරු සෙවනැලි දකිනකොට.. එයා මේක දානව. මේකෙන් එක දෙයක් එලි වෙනවා, රතු අලි පැටව් කොළ අලි පැටව් එක්ක තියෙන ඩීල් එක. කොල අලි පැටව් පරණ වීඩියෝ එඩිට් කරල දානකොට ඒක ඇදන් යන්නෙ රතු අලි පැටව්...”

 

සම්පූර්ණ අදහස් දැක්වීම

 

 

නවතම ලිපි