SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි දින කිහිපය තුළ ලෝකයේ වියළිම ස්ථානවලින් එකක් ලෙස සැලකෙන සහරා හි

අවම වශයෙන් වසර 30 කට පසු අධිකම වර්ෂාපතනයක් ලැබීමට නියමිත ය.

 

පුරෝකථනය කර ඇති පරිදි වෙදර් රේඩාර් මඟින් කියැවෙන්නේ, සැප්තැම්බර් මස මුලදී සහරා ප්‍රදේශයට වර්ෂාව පතිත වනු ඇති අතර එය  සාමාන්‍ය ප්‍රමාණයට වඩා 30-50 ගුණයක වර්ෂාපතනයක් විය හැකි බවය.

 

ඒ අනුව, සමහර ප්‍රදේශවල වර්ෂාපතන එකතුව සාමාන්‍යයෙන් වසර කිහිපයකින් වැටෙන ප්‍රමාණයට වැඩි විය හැක.

දේශගුණික විද්යාඥයන් අනතුරු අඟවන්නේ දුර්ලභ වායුගෝලීය සැකැස්මකට අනුව වර්ෂාව හටගන්නා බවය.

 

කෙසේ වුවද මෙම අධික වර්ෂාව නිසා චැඩ්, ලිබියාව, නයිජර් සහ ඇල්ජීරියාවේ කොටස් වලට ගංවතුර ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

නවතම ලිපි