SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශගත ශ්‍රමිකයන්ගේ දේශපාලන අයිතීන් අභියෝගයට ලක් කරමින් ඇතැම් දේශපාලකයන් විසින් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට එරෙහිව

තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බව පවසන ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරන බව කියයි.

විදේශගත ශ්‍රමිකයින් සමග ජාතික ජන බලවේගයේ වැඩසටහන දියත් කිරීමේ උත්සවයකදී ඔහු පැවසුවේ තම  රජයක් යටතේ  විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට පියවර ගන්නා බවයි.

"ශ්‍රී ලාංකිකයන් විදෙස් රටවලට සංක්‍රමණය වීම ඔවුන්ගේ දේශපාලන අයිතීන් නැති කළ යුත්තක් නොවේ. විදේශගත ශ්‍රමිකයන් ඉලක්ක කර සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. පසුගිය දා රාජිත සේනාරත්න විදේශගත සේවකයන්ට මෙවර ඡන්දයට නොඑන ලෙස තර්ජනය කළා. ජනතාවට සංක්‍රමණය වීමට සිදු වුණේ ඒ දේශපාලකයන්ට රටක් හදන්න බැරි වුණ නිසයි. ඔවුන්ට සතුටින් ජීවත් විය හැකියි,"

ඔහු පැවසීය.

videsgatha 2

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක් වෙනුවෙන්  විදේශගත ශ්‍රමිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව සහ එම ප්‍රවණතාවය අවබෝධ කර ගැනීමෙන් පසු ඇතැම් දේශපාලනඥයන් කැළඹී ඇති බවත්  ඔහු  වැඩිදුරටත් පැවසීය.