SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලාපයේ රටවල් ඇතුළු ඇතැම් බලවත් ජාතීන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ

දුර්වල ආණ්ඩුවක් වන බවත්, එවිට ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද (01) ප්‍රකාශ කළේය.

“සමහර බලවත් ජාතීන්ට අවශ්‍ය වන්නේ ඔවුන් මත යැපෙන දුර්වල ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙනව දකින්නයි. ඒ වගේම දුර්වල ආණ්ඩුවක් බලයේ ඉන්නකොට මේ ජාතීන්ට අවශ්‍ය දේ ලංකාවෙන් ලබාගන්න පුළුවන්”

යැයි හිටපු අමාත්‍ය රාජිත  සේනාරත්න මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය දා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට පැමිණි අතර ලංකාවේ මැතිවරණයට ඉදිරිපත් වන දක්ෂිනාංශික කඳවුරේ ඉදිරියෙන් සිටින සෑම පක්ෂ නායකයෙකුම ඔහු හමුවී සාකච්ඡා කර ඇතැයි සඳහන්. ඒ පිළිබඳව මේ වනවිට මාධ්‍ය තුළ විවිධ පුවත් මැවෙමින් ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙම ප්‍රකාශය හා එකී සාකච්ඡා අතර සම්බන්ධයක් පවතීද යන්න විචාරක අවදානයට ලක් ව ඇත.