SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- කොලොන්නාව සමගි කාන්තා බලමණ්ඩල හමුවට අනපේක්ෂිත වාර්තාගත සහභාගිත්වයක්.

- අනුර කොටිකාවත්ත හන්දියේ අසරණ වුණා...!

- මල්ලිමාරච්චිගෙන් පසු මරික්කාර්ගෙන්..., කොලොන්නාවට පෙරළිකාර සංවර්ධන සැළැස්මක්...!

- මට කොලොන්නාව හදන්න ශක්තිය දෙන්නේ  රණසිංහ ප්‍රේමදාසගේ පුතා විතරයි.

- අපි පැරදුණත් වැඩ කරන මිනිස්සු...!

- කොලොන්නාව කාන්තා හමුව යනු ජයග්‍රහණයේ හරස්කඩයි...

 WhatsApp Image 2024 09 01 at 00.30.32

 

එළැඹෙන ජනාධිපතිවරණයේදී, සමගි ජන සන්දානයේ නායක සජිත් ප්‍රේමදාස  වැඩි ඡන්ද 25000කින් දිනවීමට  කොලොන්නාව සූදානම් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  ඊයේ  (31) පැවසීය.

 

ඒ කොලොන්නාව සමගි කාන්තා බලමණ්ඩල රැස්වීමට, මංගලපාය උත්සව ශාලාවේදී එක්වෙමිනි. ඔහු කියා සිටියේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී කිසිදු භේදයකින් තොරව මෙරට බහුතර කාන්තාවන්ගේ අපේක්ෂාව දිනන සජිත් බව හා වර්තමාන ජාතික  ජනතා මතයේ හරස්කඩක් කොලොන්නාව මංගලපාය තුළ අද ප්‍රදර්ශනය වන බවයි.

 

WhatsApp Image 2024 09 01 at 00.30.321

 

කොලොන්නාව මැතිවරණ බලප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි කාන්තාවන් අමතමින්, සජබ කොලොන්නාව සංවිධායක එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා  පැවසුවේ, මෙම අවස්ථාවට අනපේක්ෂිත ප්‍රමාණයේ කාන්තා සහභාගිත්වයක් දක්නට ලැබෙන බවයි. කොලොන්නාව කාන්තා බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වූයේ සමගි ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, සජබ විධායක සභික ලක්ෂ්මන් ෆොන්සේකා,  සමගි ක්‍රීඩා උපදේශිකා අප්සාරි තිලකරත්න, මහාචාර්‍ය විශාකා සූරියබණ්ඩාර, සජබ මහරගම සංවිධායක ගාමිණි තිලකසිරි සහ සජබ නැගෙනහිර කොළඹ සංවිධායක අනුරාධ විමලරත්න එම අවස්ථාවට සහභාගි වූහ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. මරික්කාර්  විසින් මීට ටික දිනකට පෙර ජවිපෙ නායක  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර  කොටිකාවත්තේ පැවැත්වූ ජන රැළිය පිළිබඳව මෙහිදී සිහිපත් කරන ලදී. පුටු දෙසීයයක් පමණ පුරවා ගත් ඔහු, එදා කොටිකාවත්ත හන්දියේදී ඉතා අසරණ වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සමගි කාන්තා බලමණ්ඩලය වෙත මෙසේ සහභාගි වීම වෙනුවෙන් සිය ස්තුතිය පල කළේය.

 

මේ දැවැන්ත ජනතා විශ්වාසය මතින් සජිත් ප්‍රේමදාස තම නායකයා  තවත් දින 19කින් මෙරට නියත ජනපති බව ඔහු  සඳහන් කළේ සංඛ්‍යා දත්ත සහිතවයි. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මෙන්ම තමාත් විපක්ෂයේ සිටියත්, ආණ්ඩු පක්ෂයේ සිටියත් වැඩ කරන මිනිසුන් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 2015 ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කොලොන්නාව ප්‍රදේශය වෙනුවෙන් ඇරඹූ විප්ලවීය සංවර්ධන සැළසුම ඉදිරි පාලන කාලයේ අවසන් කරන බවත්, තමා විපක්ෂයේ ගත කරන කාලයේදීත් කොලොන්නාව ජනතාව සමග සිටි එකම දේශපාලන නායකයා තමා පමණක් බවත් කියා සිටියේය.

 

WhatsApp Image 2024 09 01 at 00.30.33

 

එදා රණසිංහ ප්‍රේමදාස යුගයේ, වීරසිංහ මල්ලිමාරච්චි නමින් ලියැවුණු කොලොන්නාව පරිච්ඡේදය මෙන්ම රණසිංහ ප්‍රේමදාස පුත්  සජිත් ප්‍රේමදාස යුගයේත් කොලොන්නාවේ  පෙරළිකාර සංවර්ධනයක් සිදු වීම අනිවාර්‍යය බව මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම කොලොන්නාව ගොඩ නැගීමේ තම සැළසුම සඳහා ශක්තිය දිය හැකි එකම නායකයා, රණසිංහ ප්‍රේමදාස පුත් සජිත් ප්‍රේමදාස වන  බවත් ඔහු ප්‍රකාශ කළේය. කොලොන්නාව ආසනයේ තමා විසින් අරඹා දැනට ඇණහිට ඇති සංවර්ධන සැළසුම අවසානයේ කොළඹ දිස්ත්‍රික්කයේ දියුණුතම නගරය මෙය වනු ඇත. එහි අඩක් නිම වූ  වර්තමානයේ පවා තම සැළසුමෙහි ප්‍රයෝජන ප්‍රදේශවාසීන් භුක්ති විඳින බැවින් තමා කෙරෙහි දැඩි විශ්වසනීය බැඳීමක් කොලොන්නාවේ මිනිසුන් තුළ පවතින බවට මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේය.

 

WhatsApp Image 2024 09 01 at 00.30.36

WhatsApp Image 2024 09 01 at 00.30.31

 

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්