SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෙවී ගිය දිනවල ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක Ajit Kumar Doval හදිසියේ ම ලංකාවට ආවෙ ඇයි?

මේ ප්‍රශ්නය දනන් තුඩග රැව් දුන්නත් ඒ බොහෝම නිහඩවය. සීරු මාරුවටය.

 

අජිත් දොවාල් කියන්නෙ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් පසුව එරට රජයේ විශාල බලතල ප්‍රමාණයක් දරන බලපෑම් සහගත චරිතයක්. ඉතිං ඔහුගේ පැමිණීම පිටුපස තිබුණු හේතු කාරණා නිකංම නිකං වෙන්නත් බැහැනේ.  

මොකද ඉන්දීය රෝ සංවිධානය කියන්නෙ ලංකාවේ වගතුග ලංකාවේ අපිටත් වඩා හොඳින් දිනපතාම දැනගන්න සංවිධානයක්.

කෙනෙක් කිව්වෙ “ඉන්දීය සාගර ආරක්ෂාව පිළිබඳ සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඔහු ආවේ” කියලා. තවකෙක් කිව්ව “ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, මොරිෂස් වගේ රටවල් සමඟ තමා මෙම ගිවිසුම අත්සන් කළේ” කියල.

මේව ඉතිං නිල වශයෙන් කියැවුනු දේවල් වලට අනුව ආපු  අදහස් නේ.

 

ඒත්  අජිත් දොවාල්ගේ පැමිණීම පිටුපස්සෙ  ලංකාවේ මැතිවරණ දේශපාලනය තියෙනව කියල මේ වෙලාවෙ ඔිනම කෙනෙකුට තේරෙනවා.

 

“ජනාධිපතිව , විපක්ෂ නායකව, නාමල් ව, බැසිල් ව,  උතුරේ සහ දකුණේ දෙමළ  දේශපාලන පක්ෂ සහ නායකයන්ව  අජිත් දොවාල් ගිහින්  හමුවෙලා ලු..මේ අතරෙ පාත්පයින්ඩර් ලොක්ක මිලින්ද මොරගොඩත් ඉන්නවලු.

 

කට්ටියමට ඒ ගැන සැක සාංකා නොහිතුනේ ජාතික ජන බලවේගයේ අනුර කුමාරවත් හමුවෙච්ච හින්ඳලු. ඒත් ඒක මේ හමුවීම් සාමාන්‍යකරණය කරන්න කරපු ගැටයක් කියලයි සමහරු නම් කියන්නෙ.

 

යෝජනාව වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ සැබෑ අනෙකාව තොරගෙන ඒකට මුහුණ දෙන්න දක්ෂින කඳවුරේ පිරිසට එකතු වෙන්න කියන එකයි කියලයි දේශපාලන ආරාංචි මාර්ගවලින් කියවෙන්නෙ.

 

මේකෙදි දකුණේ කඳවුරට තියෙන විශාලම අවුල සජබ නායක සජිත් ප්‍රේමදාසලු. ඔහු තමයි දක්ෂින කඳවුරේ බලවත්ම පක්ෂයෙ නායකයා. ඒ වගේම මොනම විදිහකටවත් දැන් ඉන්න ජනාධිපතිට බලය දෙන විදිහෙ තීරණයකට එකඟ නොවෙනම චරිතය තමයි විපක්ෂ නායක සජිත්.

 

මේ හැම දේකටම හේතුව ඉන්දීය රෝ ඔත්තු සේවය ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ අනාගත ආණ්ඩුව පිළිබඳව ඉන්දීය රජයට වාර්තාවක් දීල තිබීමලු.

උතුරේ දෙමළ නායකයින් ඉන්දියාවේ මතයට අවනත කරගන්න නම් ඉන්දියාවට කොහොමත් පහසුයි ලු.

 

ඒත් දකුණේ දේශපාලන පක්ෂ ඔක්කොම එක කඳවුරකට ගෙනත් මැතිවරණය කරකවන්න ඉන්දියාවට අවශ්‍ය නම්...

ලංකාවෙ ඡන්ද තියල මොකටද කියලයි ලු සමහර දේශපාලන විචාරකයො පෙන්නල දෙන්නෙ.

 

ඒව ඉතිං එහෙම තමයි.

හැමදාම ලංකාවෙ ඡන්ද කරකැව්වෙ මහජනතාවය කියල හිතාගෙන හිටියොත් තමයි ඔිව අරුම පුදුම වෙන්නෙ.

 

මේ මොනව උනත් එක දෙයක් පැහැදිලියි කියලයි ඔවුන් කියන්නෙ..

ඒ මේ ඡන්දය ඉන්දියාවට ඇමෙරිකාවට ඔින විදිහට ගැට ගහන්න මෙදා සැරේ ලොකු වෙට්ටුවක් දාන්න වෙයිලු.

ඒ වෙට්ටුව වෙනුවෙන් සෑහෙන වන්දියක් පුරවැසියට ලැබේවිද දන්නෑ නේද?

 

#Gossip