SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය දේපළ සංවර්ධනය කොට රාජ්‍ය ආදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපල විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට

තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ කියයි.

 

රාජ්‍ය දේපල විකිණීම  සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ චෝදනා නගන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ආර්ථික මතවාදයට ය.

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා නොදුන්නේ ද මෙම මතය තුල පිහිටා ය.

ජාතිකවාදී කඳවුර නියෝජනය කරන නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පසුගිය 28වන දින හක්මන නගරයේ පැවැති ජනහමුවට එක්වෙමිනි.



‘‘මගේ කාර්යාලය තිබුණේ හක්මන මායිමේ. පසුගිය දෙදහස් පහ, දෙදහස් දහය, දෙදහස් පහළව කාලවල දී මේ හක්මන ජනතාව බොහෝ අවස්ථාවල මහජන දිනවල දි ආවේ මගේ කාර්යාලයට. බෙලිඅත්ත ජනතාව කියන්නේ හක්මණ නගරය සංවර්ධනය කර තිබෙනවා බෙලිඅත්තට වඩා කියලයි. ගාමිණී සෙරනත් මහතාගේ ගම. බෙලිඅත්ත නගරයටත් වඩා හක්මණට සිදුව තිබෙනවා. අලුතින්ම නගරයක් නිර්මාණය කළා. එදා සංවර්ධනය කරන්න මුදල් තිබුණා. මුදල් දුන්නා. විශේෂයෙන්ම රටේ නායකයාට වුවමනාව තිබුණා.

ඒ වගේම එදා මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාව තිබුණා ගම සංවර්ධනය කරන්න. ගමේ ගොවියාගේ එළවළු ටික විකුණා ගන්න පොල හදාදෙන්න අවශ්‍යතාවය තිබුණා. ඇතැමුන් එදා කිවුවේ මේ ගම්වලට මෙච්චර ලොකු පොළ භූමියක් හදන්නේ මොකටද ඇහුවා. මහපොළොව සමග හැප්පිලා වගා කටයුතු කරලා ගන්නා අස්වැන්න විකුණාගන්න තැනක් තිබෙන්න ඕන කියා එදා මහින්ද රාජපක්ෂ මහතා දැක්කා.


අපි, තරුණ පරම්පරාව අපේක්ෂා කරන රැකියාව දෙන්න අපි ආයෝජකයන් ගමට ගේනවා. ඒ ගමට ගේන ආයෝජකයන්ට අවශ්‍ය පසුබිම අපි සාදා දෙනවා. යටිතල පහසුකම් ටික අපි හදලා දෙන්න ඕන. යටිතල පහසුකම් හදනා වගේම ආයෝජකයන්ට ආයෝජනය සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළයුතු වෙනවා. අපි හදන ආණ්ඩුවක් තුළ මේ රටේ හැම මැතිවරණ කොට්ඨාසයකට ම කර්මාන්තයක් ආරම්භ කරන්න පියවර ගන්නවා. මේ රටේ තරුණ පිරිස අපේක්ෂා කරන තාක්ෂණය සමග බද්ධවුණු පරිවර්තනය වගේම රැකියා බිහිකිරීමේ වැඩපිළිවෙළ තුළ විරැකියාව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එළඹෙවිසි දෙකෙන් පසුව මේ රට නැවත වැඩබිමක් බවට පත්කරන ඔබගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා.


පාස්පෝට් පෝලිම අවසන් කරගන්න නොහැකි වුණේ තාක්ෂණය සමඟ මේ රටේ රාජ්‍ය සේවය බද්ධ නොවුණු නිසයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම වැඩකටයුතු ආරම්භ කළා. තොරතුරු තාක්ෂණ ගම්මාන ගෙනාවා. තාක්ෂණික විප්ලවය ආරම්භ කළත් අරගලය හේතුවෙන් අවාසනාවට එය කරගෙන යන්න නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදන ආණ්ඩුව තාක්ෂණයත් සමග මේ රටේ රාජ්‍ය සේවය බද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. 

 

අපි ඒක කරනවා. අපි මේ පණිවුඩය ගමට ගෙනයමු. අපි ආසනයෙන් ආසනය, ගමෙන් ගමට යනවා. අපි ජනතාව සමග දේශපාලනය කරනවා. මහා ජනරැලි කරන එක ලේසියි. වියදම් කරලා රැලි කරන්න පුළුවන්. ජනතාව අතරට යන්න නම් ගමෙන් ගමට යා යුතු වෙනවා. ඒ අනුව අපි ගමට ගොස් ගමේ ජනතාව හමුවී මැතිවරණ ව්‍යාපාරය කරනවා. හිත් බිඳුණු, කලකිරුණු අය වගේම ඇතැම් මැර දේශපාලන බලවේගවලට නිශ්ශබ්ද වූ අයත් ඇති. අපි බය නැහැ. සැප්තැම්බර් විසි එක අපේ පක්ෂය දිනවන්න එක්වෙමු කියා ආරාධනා කරනවා.’’