SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25,000කින් වැඩි කරන බවට වූ පොරොන්දුව යනු

අමූලික බොරුවක් බව NPP නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

එමෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්  විසින් ජීවන වියදමට සරිලන පරිදි සෑම මාස හයකට වරක් රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කරන බව ඔහු  පවසයි.

 

සංවර්ධන නිලධාරීන්ගේ ජාතික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ මීට මාස කිහිපයකට පෙර රජයේ සේවකයන්  ලැබෙන වැටුපෙන් ජීවත්විය නොහැකි බව පවසමින් රුපියල් 25000කින්  වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වර්ජනයක් ආරම්භ කරද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එය නොහැකි වූ බව ජාතික ජන බලවේගයේ ජනපති අපේ්ෂකයා පවසයි.

 

"පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමට රජය මුදල් සොයන්නේ කෙසේද? මීට මාස එකහමාරකට පෙර මුදල් නැතැයි පවසමින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලූ විට රජයට වැටුප් වැඩි කිරීමට නොහැකි විය. මේක බොරුවක්"

 

මේ අතර රජයේ සේවකයන්ට ජීවන වියදමට සරිලන පරිදි මාස හයකට වරක් වැටුප් වර්ධකයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ  සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කර ඇති බවද ඔහු පැවසීය.

 

"එය මැතිවරණ කාලයට හෝ සේවකයන් වර්ජන කරන විට දෙන වැටුප් වර්ධකයක් නොවේ. එය නිරන්තරයෙන් ලබාදෙන වැටුප් වර්ධකයක්. රජය රජයේ සේවකයන් ගැන සැලකිලිමත් විය යුතුයි,"

 

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසූවේ,

 

”සමස්ත දේහයම පරිවර්තන කිරීමයි අපේ වගකීම.මෙය වෙනස් කිරීමේ කාර්යභාරය තමයි අපිට තියෙන්නේ. මේ සදහා අවශ්‍ය දේශපාලන නායකත්වය අපි ලබාදෙනවා. ඔබේ කොටස ඔබ නිවැරදිව ඉටුකරාවි කියන විශ්වාසය මතයි අපි මේකට ආවේ. රාජ්‍ය සේවය නැතිව ගමනක් යන්න බෑ. පුරුද්දට යන රාජ්‍ය සේවකයෙක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වෙන්න ඕන. රාජ්‍ය සේවය පිළිබද ජනතාවට තියෙන්නේ අසතුටක්. ජනතාව රාජ්‍ය සේවය පිළිබද තෘප්තිමත් නෑ.ඒ වගේම රාජ්‍ය සේවකයත් තෘප්තිමත් නෑ. මුලින්ම රාජ්‍ය සේවකයා තෘප්තිමත් වෙන තැනක් බවට පත්කරනවා. රු.25000කින් වැටුප වැඩිකරන්න බිලියන 460ක් යනවා. එයාලා හිතනවා 25000ක් දෙනවා කිව්වාම කතිරේ ගහවි කියලා. මේ පාර ඒක එහෙම වෙන්නේ නැහැ.”