SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ ආර්ථිකය කඩන් වැටෙන කොට, බඩු මිල ඉහල යන කොට ඒක ඉස්සෙල්ලා ම තේරෙන්නේ කුස්සියේ ඉන්න කාන්තාවන්ට බවත්,  

කාන්තාවන් වශයෙන් අපි සියළු දෙනාටම  එම  අමිහිරි අත්දැකීම මතක බවත් රංගන ශිල්පිනී ශෂිකලා හෙට්ටිආරච්චි පවසුවාය.

 

යුනයිටඩ් යූත් කාන්තා අංශයේ ප්‍රධානි රංගන ශිල්පිනි ශෂිකලා හෙට්ටිආරච්චි එම අදහස් ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා සමන්තුරේ පැවති යුනයිටඩ් යූත් කාන්තා සම්මේලනයක් අමතමිනි.

 

 

“පසුගිය කාලයේ අපට ජීවත් වෙන්න සිද්ධ වුනේ කොහොමද? ඒදා වේල කන්නේ කොහොමද? කියන මානසික තත්වයකින් අමාරුවෙන් ජීවත් වෙන්නයි සිද්ධ වුනේ. ළමයින්ට කන්න ටිකක් හදලා දෙන්නේ කොහොමද? උදේට කෑවට පස්සේ කල්පනා කරනවා දවල්ට කන්නේ කොහොමද? දවල්ට කොහොම හරි මොනවා හරි කෑවොත් ඊලගට කල්පනා කරනවා රෑට කන්නේ කොහොමද කියලා. ඔන්න ඔහොම තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපට ජීවත් වෙන්න උනේ.

 

කාන්තා අපි තමයි ගෙදර ආර්ථිකය නැත්තම් කුස්සිය හසුරුවන්නේ. පසුගිය කාලයේ ගෑස් ටික නැතුව කන්න බොන්න උයාගන්න දෙයක් නැතුව අපි වින්ද දුක මතක් වෙන කොට, අපිට නැවත වරක් ඒ යුගය ගැන සිහිවෙනකොට, හිතට ඇතිවෙන්නේ මහත් භයක්. මෙම පළාතට වඩා ගෑස් නැති ප්‍රශ්නයෙන් වැඩියෙන්ම බැට කෑවේ කොළඹ ඉන්න කාන්තාවෝ. විශේෂයෙන්ම මහල් නිවාසවල කාන්තාවෝ අන්ත අසරණ වුනා. සල්ලි තිබුනත් කඩයකින් වත් බත් පාර්සලයක් ගන්න විදියක් නැහැ. ගෑස් නැතුව හෝටල් පවා වහලා තිබුණේ. එදා අපි ගෑස් ටිකක් ගන්න දවස් ගණනක් පෝලිමේ හිටියා. ගෙදර උයන්න විදියක් නෑ. පුදුම දුෂ්කර කාලයක් අපි ගත කළේ. එවැනි තත්ත්වයක් නැවත උදා නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. අපි ඇත්තටම ජීවත් වුනේ අපායක. එම අපායෙන් ඇත්තටම අපව මුදවා ගත්තේ  අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එවන් තත්ත්වයක් යළි උදා වුනොත් අපට මොනවා වෙයිද කියලා හිතන කොටත් භයක් දැනෙනවා.  එවන් තත්ත්වයක් නැවත උදා නො වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනෙ.

 

එහෙනම් අපේ යුතුකමක් තියෙනවා කුස්සියේ භීතිකාව යලි ඇති නොවෙන්න, මේ නිවැරදි  ක්‍රමය ඉදිරියට ගෙන යන්නට ගරු ජනාධිපතිතුමාට සහාය ලබලා දෙන්න”.

 

මේ අවස්ථාවට යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත්, මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා, භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා සහ සමන්තුරේ සන්විධායක ලොයිඩ් ඇතුඵ පිරිසක් සහභාගි වූහ.

 WhatsApp Image 2024 08 30 at 19.00.09

WhatsApp Image 2024 08 30 at 19.00.07WhatsApp Image 2024 08 30 at 19.00.08

 

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය