SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි.

 

එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයන් ප්‍රතිසංස්කරණ කලහොත් රටට ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ යැයි මහ බැංකු අධිපකි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

 

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු එක් මහ බැංකු අධිපතිවරයෙකු වරදකරු කර ඇතැයි සිහිපත් කල ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහ බැංකු අධිපතිවරයා දේශපාලඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතු බවත් විෂය දැනුම භාවිතා කරමින් ප්‍රායෝගික දේවල් පමණක් ප්‍රකාශ කළ යුතු බවත් පවසයි.

 

Cnews

නවතම ලිපි