SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට

සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් ඊයේ  (29) අත්සන් තබා ඇත. 

ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. 

 

විරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබුවේ නුගේගොඩ පැවති උත්සවයකදීය. 

 

මේ අතර, ජාතික සංවිධාන එකමුතුවේ හැට වැදෑරුම් සමාජ සම්මුතිය සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාම වැළැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සකස් කළ 'රණවිරු විත්ති වාචිකය' එහිදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර වෙත පිළිගැන්වුණි.

 

මෙහිදී අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර, 

 

"මේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න තිබියදී මට ජනපති අපේක්ෂකයෙක් වීමට ලැබීම ගැන මම හිතන්නේ ජාතියෙන් මට ලැබුණු වගකීම හැටියට. තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් නායකයන් සියලුම දෙනා අපි හෙළිදරව් කළ යුතුයි. මොවුන්ට බිලියන් ගණන් සල්ලි දෙන්නේ කවුද?. එක දවසට රැස්වීම් 3ක් තියන්න සල්ලි දෙන්නේ කවුද ?. තමන්ගේ ජීවිතය පරදුවට තැබූ සොල්ලාදුවාට අද නින්දට යන්න විදියක් නැත්නම්... මානසික සහනයක් නැත්නම් ඒ දූෂිත දේශපාලනඥයින් ගැන සෙවිය යුතුයි."

 

"ඊයේ පෙරේදා දම්පාටින් ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වෙනවා... 'සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම..' පුළුල් කරන්නේ මොකටද? යුද විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවන්න. මම ඉතාම වගකීමෙන් කියනවා... මගේ ජීවිත කාලය තුළ රණවිරුවන් රැකීමට සියලුදේ කරනවා."

 

adaderana

නවතම ලිපි