SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක විශේෂ හෙළිදරව්වක් කර ඇත.

ඔහු කියන්නේ සැප්තැම්බර් මස 15 ට පෙර රට යළිත් වැටෙන බවය.

ඒ අමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් දෙන තීන්දුවක් අනුව ය.

 

ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ මේ සිදුවීම් සහ හෙළිදරව් කිරීම් මත විය හැකිතාවක් වේ. එනම් දක්ෂිනාංශික කඳවුර බොහෝ දුරට ජනාධිපතිවරණය ආසන්නයේ නැවත එක් විය හැකි බවය.

ලංකාවේ මහපොළොවේ යථාර්තය එය වේද?

 

මෙම විශේෂ හෙළිදරව්ව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක..

 

“ අද ඉතාම භයානක සිදුවීමක් සිද්ධ උනා.. අපේ රටට බලපාන.  ඒක තමයි අමෙරිකා එක්සත් ජනපදයේ විදේශීය ණය හිමියන් අමෙරිකා එක්සත් ජනපද අධිකරණයට දැනුම් දුන්නා, සැප්තැම්බර් 15ට පෙර ලංකාවෙන් විසඳුමක් අවශ්‍යයි අපේ ණය සම්බන්ධයෙන් කියලා.

 

ඒක රනිල් වික්‍රමසිංහත් කිව්ව, සැප්තැම්බර් මාසෙ මේක කරනවා, ඩොලර් බිලියන 732ක ණය ආපසු ගෙවීමක් අපි කරනව කියල. මොකද සැප්තැම්බර් 16ට පෙර අපිට විසඳුමක් ඔින කියල.

 

මොකද අපිට හැමිලටන් රෙසර්ව් බැංකුව (Hamilton Reserve Bank) සහ තවත් අය  නඩුවක් පවරල තියෙනව. ඒ අය කියනවා ඉක්මන් විසඳුමක් අපිට අවශ්‍යයි සැප්තැම්බර් 15ට පෙර කියල. එහෙම නැත්නම් අපේ ණය සම්පූර්ණයෙන්ම ගෙවන ලෙස නියෝගයක් දෙන්න කියල උසාවියට කියනවා.

 

ඒ නිසා මිත්‍රවරුනි, ඔය අනුර දිසානායකලගෙ, සුනිල් හඳුන්නෙත්තිලගෙ කතාවලට මේ ප්‍රශ්නය විසඳන්න බෑ. බැරි වෙලාවකවත් අමෙරිකා එක්සත් ජනපද අධිකරණය තීන්දුවක් දුන්නොත් ණය සියල්ලම අපි ගෙවන්න ඔිනය කියල පහුවෙනිදටම  රට ඉවරයි.

 

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඊළඟ පංගුව එන්න තියෙනවා දෙසැම්බර් මාසෙ. ඒකත් එක්ක ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවෙ ණය එන්න තියෙනව. ඒව ඔක්කොමත් එක්ක තමයි මේ පාර අයවැය හදල තියෙන්නෙ. ඒක නිසා මේ ගොල්ලො ඇවිල්ල පර්යේෂන කොරන්න ගියොත්, වෙනස් කිරීම් කරන්න ගියොත් රට 24 පැයෙන් බංකොලොත්”.

නවතම ලිපි