SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- නැවත මේ රට අරාජික වන්නට ඉඩ තියන්නේ නැහැ...

- අනුරට බැරි බව රනිල් දන්නවා.

- ජනපති අනුර ඇණ ගෙන පැන ගත්තොත්..., රනිල්ට අදින්න තව කොටයක්...!

 

සමගි ජන බලවේගයේ විජයග්‍රහණය වළකන, ඡන්ද කඩන යන්ත්‍රය බවට මෙවර පත්ව ඇත්තේ වත්මන් ජනපති යැයි සජබ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

 

ඒ කොළඹ විපක්ෂනායක කාර්‍යාලයේ   ඊයේ  (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ජය ස්ථිර බවත්, කෙසේ හෝ එය වැළකී අනුර ජනපති වුවත් සතුටු වන මට්ටමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  පත්ව ඇත.

මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කළේ එතුමා පරදින බව, එතුමා නොදැන සිටින්නේයැයි සිතීම වැරදීමක් බවයි.

 

“සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජය ගත්තට පස්සෙ, රටේ සාමාන්‍ය ජනතාවට  සහන ලබා දීල, අපනයන ආදායම ඉහළ නංවල, ආර්ථික වර්ධන වේගය වර්ධනය කර, සොරා කෑ දේපළ පවරා ගැනීමේ පනත ක්‍රියාත්මක කර, කාර්‍යක්ෂම පාලනයක් බිහි කරාවි කියල රනිල් මහත්තය හොඳටම දන්නව”.

ඒ වගේම  එතුමා අවබෝධ කරගෙන ඇති අනෙක් සත්‍ය තමයි,  අනුර ජයගත්තොත් අව්රුද්දකින් මේ රට නැවත අරාජික වෙලා , ආර්ථික කඩා වැටීම  නියතයි කියල.  සජිත් ප්‍රේමදාස ජය ගත්තොත්  එක දිගට වසර 10ක් රට පාලනය කරනව කියලත් ,  අනුරගේ පාලනය උපරිම වසරක් වන නිසා නැවතත් තමං ට වසර 4ක කොටයක් ඇදගැනීමට ඇති අවස්ථාවත්  එතුමා උදාකර ගන්න  උත්සහ කරාවි”.

 

නමුත් තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය නැවතත් මේ රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසයි.

නවතම ලිපි