SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය

කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ආරංචිමාර්ග වාර්තාවන්හි සඳහන් වන්නේ ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරනා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි කියාය.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ට වන අතර පසුගිය දිනවල සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරලට මහලේකම් පදවිය බාරදීමේ සූදානමක් ගැනද කතා බහට ලක්ව ඇත.

කෙසේ වුවද මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගිය දින කිහිපයේ ඔහු 'සිරිකොත' එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා පැමිණ නැත.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට ද  එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබිණ.

නවතම ලිපි